IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


දෙවැනි කාර්තුවේදීත් ණය ඉල්ලුම ශක්තිමත් වන බවට අපේක්ෂාවක්


විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ පළමු කාර්තුවේදී අඛණ්ඩව ශක්තිමත් වූ ණය ඉල්ලු‍ම සහ බැංකුවල ණය ලබාදීමට ඇති කැමැත්ත දෙවැනි කාර්තුවේදීද අඛණ්ඩව ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

පසුගිය වසරේ සිව්වැනි කාර්තුවේදී ඉල්ලු‍ම් දර්ශකයේ සියයට 65 ක අගයක් ගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය ඉල්ලු‍ම මෙම වසරේ පළමු කාර්තුවේදී සියයට 82.2 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් සිවුවැනි කාර්තුවේදී ඉල්ලු‍ම් දර්ශකයේ සියයට 57.9 ක අගයක් ගත් සමාගම් ණය ඉල්ලු‍ම මෙම වසරේ දෙවැනි කාර්තුවේදී සියයට 81.2 ක් දක්වා වර්ධනය විය හැකි බවත් මහ බැංකුව පුරෝකථනය කර ඇත. මෙලෙස ණය ඉල්ලු‍ම ඉහළ යාමට සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකම්වල ප්‍රගතියක් ලබාගෙන තිබීම, පොලී අනුපාත පහළ යාම, දේශපාලන ස්ථාවරත්වය, ස්ථාවර වූ පහළ මට්ටමේ උද්ධමනය සහ මෙරට වැඩි දියුණුවූ ව්‍යාපාර විශ්වසනීයත්වය හේතු වන්නට ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.



අදහස් (0)

දෙවැනි කාර්තුවේදීත් ණය ඉල්ලුම ශක්තිමත් වන බවට අපේක්ෂාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site