IMG-LOGO

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා


ද්විතීයික රෝහල්වල ධාරිතාව නැංවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩො.මි. 100 ක්


නිමල කොඩිතුවක්කු


ද්විතීයික සත්කාර රෝහල්වල ධාරිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

රට පුරා පවතින ද්විතීයික සත්කාර රෝහල්වල ගුණාත්මකභාවය සහ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩසටහන සඳහා ප්‍රතිඵල පාදක අයවැය සහාය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත.

යෝජිත ව්‍යාපෘතිය යටතේ ද්විතීයික සෞඛ්‍ය සේවා රෝහල්වල සේවා ධාරිතාව සහ ගුණාත්මකභාවය ප්‍රමිතිකරණය, ඖෂධ සැපයුම් දාමය, සෞඛ්‍ය ප්‍රසම්පාදනය සහ මූල්‍යකරණ පද්ධතියේ විනිවිදභාවය හා කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීමත් අරමුණු කර තිබේ.

ප්‍රතිඵල පාදක ණය දීමේ ක්‍රමවේදය හරහා ලබා දෙන එකී අරමුදල් යොදා ගනිමින්, මෙම ව්‍යාපෘතිය 2025 සිට 2030 දක්වා ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ද්විතීයික රෝහල්වල ධාරිතාව නැංවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩො.මි. 100 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site