IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


දර්ශන ගුණසේකර ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

 

භානුක අමරසිංහ


ලංකා බැංකුවේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දර්ශන ගුණසේකර මහතා පත් කරගත් බව එම බැංකුව පවසයි. ඒ අනුව අගෝස්තු 13 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා බැංකුවෙහි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර ගෙන තිබේ. 
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ජූලි 31 වැනිදා ලබාදුන් උපදෙස් අනුව මෙම පත් කිරීම සිදු කරගත් බව බැංකුව පවසයි. සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත විශේෂිත තේරීම් කමිටුවක් මගින් ගුණසේකර මහතා මෙම ධුරය සඳහා නිර්දේශ කර තිබේ. වසර 25කට අධික කාලයක ක්ෂේත්‍ර රැසක විධායක ධුර අත්දැකීම් සහිත ගුණසේකර මහතා මේ වනවිට MJF Group හි සමූහ මූල්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. මීට පෙර ඒ මහතා වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ, තේ සහ වැවිලි, නිෂ්පාදන, පුනර්ජනනීය බලශක්තිය, ඇඟලු‍ම් සහ මූල්‍ය සේවා යන අංශවල ඉහළ තනතුරු දරා තිබේ.



අදහස් (0)

දර්ශන ගුණසේකර ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site