IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ලබන වසරේදී

  • දැනටමත් ලංකා නම්බර් පෝර්ටබිලිටි සර්විසස් (ගැරන්ටි‍) ලිමිටඩ් නමින් සමාගමකුත් පිහිටුවලා

භානුක අමරසිංහ 

දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ (NP- Number Portability) සේවාව ලබන වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL)  පවසයි. 

ඒ අනුව දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ක්‍රමය ස්ථාපනය කිරීම සහ දුරකථන ක්‍රියාකරු සමාගම්වල ජාල වැඩිදියුණු කිරීම  අවසන් වූ පසු දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ   සේවාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි. 

මේ වන විට අදාළ සේවාව ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනය සදහා සියලු‍ම ස්ථාවර සහ ජංගම දුරකථන ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වයෙන් ලංකා නම්බර් පෝර්ටබිලිටි සර්විසස් (ගැරන්ටි‍) ලිමිටඩ් Lanka Number Portability Services (Guarantee) Limited) (LNPS)  නමින් සමාගමක් ස්ථාපනය කෙරී තිබේ. 

ඊට අවශ්‍ය බලපත්‍රයද එම සමාගම වෙත ප්‍රදානය කෙරී තිබේ. එසේම දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ රීති සහ මාර්ගෝපදේශ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේද අනුමැතිය හිමිව ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.



අදහස් (0)

දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ලබන වසරේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site