IMG-LOGO

2026 නොවැම්බර් මස 27 වන සිකුරාදා


දියවැඩියා රෝගීන්ගේ එන්නත් සැපයීම ඉන්දියානු සමාගමකට

දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන බයිපසික් අයිසෝපේන් ඉන්සියුලින් එන්නත් (මිනිස්) බීපී. 1000 අයියූ, මිලිමීටර් 10 (සියයට 30 ද්‍රාව්‍ය සියයට 70 අයිසෝපේන්) වයල් 2,700,000ක් සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය ඉන්දියාවේ  MJ Biopharm Private Limited  වෙත පැවරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 

ඒ අනුව අදාළ එන්නත් මිලදී ගැනීමේ පිරිවැය සහ ගැල් කුලී මිල ඇතුළත්ව එක්සත් ජනපද ඩොලර් මිලියන 4.293 කට අදාළ ප්‍රසම්පාදනය පිරිනැමී තිබේ.  

මෙම ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය හරහා ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ඉදිරිපත් වූ ලංසු 02 අතරින් ඉහළ මටට්මේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව, එකම ලංසුකරුවූ අදාළ සමාගමට එම ප්‍රසම්පාදනය පිරිනමන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත යෝජනා කර තිබී ඇත.



අදහස් (0)

දියවැඩියා රෝගීන්ගේ එන්නත් සැපයීම ඉන්දියානු සමාගමකට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site