IMG-LOGO

2026 මැයි මස 20 වන බදාදා


දුම්රිය පහසුකම් සංවර්ධනයට රුසියාව සමගින් ගිවිසුමක්

මෙරට දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව රුසියානු සමූහාණ්ඩුවත් සමගින් සහයෝගිතා අවබෝධතා ගිවිසුමකට එළැඹීමට පියවර ගන්නා බව රජය පවසයි. 

ඊට අදාළව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය පසුගියදා හිමිවිය. ඒ අනුව රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබේ. 

මෙරට දුම්රිය පද්ධතියේ යටිතල පහසුකම් ඉදිකිරීම, නවීකරණය, විද්‍යුත්කරණය, ඩිජිටල්කරණය හා උපදේශන සේවා සහ දුම්රිය උපකරණ හා අමතර කොටස් සඳහා වන සැපයුම් දාමය යන ක්ෂේත්‍රයන් සඳහා වන සහයෝගිතාව ඇති කිරීමට යෝජිත අවබෝධතා ගිවිසුම ඉවහල් වනු ඇතැයි රජය පවසයි. 

මෙහිදී දෙරටේ නීතිරීතිවලට එකඟව සමතාවයකින් සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ඇති වන පරිදි ඒකාබද්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත් අවබෝධතා ගිවිසුමේ අපේක්ෂාවකි.

 



අදහස් (0)

දුම්රිය පහසුකම් සංවර්ධනයට රුසියාව සමගින් ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site