IMG-LOGO

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා


දිමිත්‍රි ලයිට් හවුස් හොටෙල් විධායක අධ්‍යක්ෂ ධුරයට


භානුක අමරසිංහ 


ජෙට්වින්ග් හෝටල් සමූහයට අයත් ලයිට්හවුස් හොටෙල් පීඑල්සී හි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දිමිත්‍රි කුරේ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව මැයි 23 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ විධායක අධ්‍යක්ෂ ධුරයට පත් කර තිබේ. මෙතෙක් කලක් එම ධුරය හෙබවූ රුවන් සමරසිංහ මහතාගේ ඉවත්වීමෙන් හිස් වූ ධුරය සඳහා මෙම නව පත් කිරීම සිදු කර තිබේ. 

මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට දිමිත්‍රි කුරේ මහතා සතුව සමාගමේ කොටස් 10,000ක් පැවැති බව පැවසෙයි. එසේම ඒ මහතා ජෙට්වින්ග් හොටෙල්ස්හි කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙන්ම ජෙට්වින්ග් හෝටල් සමූහයේ සභාපති හිරාන් කුරේ මහතාගේ පුත්‍රයාද වෙයි. 



අදහස් (0)

දිමිත්‍රි ලයිට් හවුස් හොටෙල් විධායක අධ්‍යක්ෂ ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site