IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දැනට බිස්නස් ගොඩක්ම අඩුයි වත්තල සන් කෙමිකල් හිමිකරු මුත්තුසාමි සුන්දරලිංගම්

මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශ වල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ගොඩවැදුණේ සේදුම්කාරක අලෙවිසැලක් වූ වත්තල සන් කෙමිකල් වෙතය. එහි හිමිකරු වූ මුත්තුසාමි සුන්දරලිංගම් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.

Q මේ දිනවල බිස්නස් කොහොමද?

මම වත්තල මේ වෙළෙඳසල කරන්නේ අවුරුදු 5 ක ඉදන්. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් ගොඩක් අඩුයි. දැනට මාස තුනක හතරක වගේ කාලයක ඉඳන් බිස්නස් ගොඩක්ම අඩුයි. ඇත්තෙම නැති තරම්.

Q බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?

බිස්නස් අඩු වෙන්න බලපාන හේතුව මේකයි කියලා හරියටම කියන්න බෑ. කලින් හොඳට බිස්නස් තිබ්බා. ගිය අවුරුද්දේ එහෙම බිස්නස්වල අඩුවක් තිබ්බෙ නෑ, අපි ළඟ සියලු‍ම වර්ගවල සේදුම්කාරක තිබෙනවා. දැන් භාණ්ඩ මිල ඉහළ නිසා නමගිය සේදුම්කාරකවල මිල ගණන් ගොඩක් ඉහළයි. ඒවට සාපේක්ෂව අපි ළග තියන සේදුම්කාරක මිල ගණන් අඩුයි වගේම ප්‍රාමාණයත් වැඩී. ඒ නිසා තමයි පාරිභෝගිකයෝ අපේ වෙළෙඳසල් වලට එන්නේ. 

හෝටල්වලට කාර්යාලවලට, උත්සව අවස්ථා වැනි වැඩි පිරිසක් ගැවසෙන ස්ථානවලට තමයි අපෙන් වැඩි වශයෙන් භාණ්ඩ මිලදී ගන්නේ. එහෙත් මේ දිනවල බිස්නස් අඩු වෙන්න බලපාන එක හේතුවක් තමයි අපි ළඟ තියන සේදුම්කාරකවල මිල ගණන් ඉහළ යාම. ඒ නිසා පාරිභෝගිකයෝ භාණ්ඩ මිලදී ගන්න පැමිණෙනවා අඩුයි. ඒ නිසා අපිට ලාබයක් නෑ. ඕක තමයි මේ දවස්වල බිස්නස් වල තත්වය.

ශෂිකා අබේරත්න
ඡායාරූප-ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

දැනට බිස්නස් ගොඩක්ම අඩුයි වත්තල සන් කෙමිකල් හිමිකරු මුත්තුසාමි සුන්දරලිංගම්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site