IMG-LOGO

2026 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා


දැඩිගම සමූහය ‘‘සිනමන් සිටඩෙල්’’ මිලට ගැනීම සම්පූර්ණ කරයි

ජෝන් කීල්ස් හොටේල්ස් පීඑල්සී සමූහයට අයත් ‘’සිනමන් සිටඩෙල්’’ හෝටලය හිමි කැන්ඩි වෝක් ඉන් ලිමිටඞ් (KWL) සමාගමෙහි සියයට 98.39 ක කොටස් හිමිකාරීත්වයක් මිලදී ගැනීම සම්පූර්ණ කිරීමට දැඩිගම සමූහයට අයත් දැඩිගම ගෘෘප් (පෞද්) සමාගම පියවර ගත් බව පවසයි. ඒ අනුව රුපියල් බිලියන 2.78ක (2,777,025,000) ක මුදලකට මෙම ගනුදෙනුව සිදුව තිබේ. 
මෙම මිලදී ගැනීම පිළිබඳව පළමුවරට අනාවරණය කෙරුණේ පසුගිය මාර්තු 12 වැනිදාය. ඒ අනුව මාර්තු 31 වැනිදා වනවිට මෙම ගනුදෙනුව සම්පූර්ණ කිරිමට හැකි වූ බව ජෝන් කීල්ස් හොටේල්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව පෙර සඳහන් කළ ආකාරයට සිනමන් සිටඩෙල් හෝටලය අවම වශයෙන් මාස 12ක කාලයක් සඳහා ‘‘සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස්’’ සන්නාමය යටතේ ක්‍රියාත්මක වනු ඇති බවත්, ඉන් අනතුරුව ඉදිරිය සම්බන්ධයෙන් අවධානය යොමු වනු ඇතැයි සඳහන් වෙයි.



අදහස් (0)

දැඩිගම සමූහය ‘‘සිනමන් සිටඩෙල්’’ මිලට ගැනීම සම්පූර්ණ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site