
ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉස්සන් ගොවිපොළ හිමියන් වෙනුවෙන් වන්දි ප්රදානය ඉකුත්දා මඩකලපුව පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ධීවර හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙහිදී ඉස්සන් ගොවිපොළ හානි වෙනුවෙන් තිස් දෙනකුට රුපියල් මිලියන 9.55 ක වන්දි ප්රදානය කිරීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ, දිසාපති ජේ.එස්. අරුල් රාජ්, ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අතිරේක සාමාන්‍යාධිකාරී (සංවර්ධන) ඉංජිනේරු එන්. සිවලින්ගම් යන මහත්වරුද එක්වූහ.
දිට්වාවෙන් හානි වූ මඩකලපුවේ ඉස්සන් ගොවිපොළ හිමියන්ට වන්දි