IMG-LOGO

2026 ජුලි මස 10 වන සිකුරාදා


දිට්ටාවෙන් විනාශවූ මූතූර් නිවාස ඉදිකිරීමට ටෝකියෝ සිමෙන්ති පෙරට

 


ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව


දිට්වා සුළි කුණාටුවෙන් විනාශවූ නිවාස නැවත ගොඩනැගීමේ රජයේ ක්‍රියාවලියට අතහිත දෙමින්  සීමා සහිත ටෝකියෝ සිමෙන්ති  සමාගම එහි එක් අදියරක් ලෙස මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  තොපූර්හී ඉදිවන නිවාස දෙකක් සඳහා මුල්ගල් තැබීම නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

සම්පූර්ණයෙන්ම විනාශවූ මූතූර් වැසියන්ගේ නිවාස දෙකක් සඳහා මුල් අදියරේ ඉදිකිරීම්වලට ටෝකියෝ සිමෙන්ති සමාගම එක් වෙමින් එක් නිවසක් වෙනුවෙන් රුපියල් හැට ලක්ෂ තුන්දාහක් වැය කරණ බව නැගෙනහිර ආණ්ඩුකාරවරයා පැවසීය.

මුල්ගල තැබීමේ අවස්ථාවට ටෝකියෝ සිමෙන්ති සමාගමේ සාමාන්‍යාධිකාරී එස්. රවීන්ද්‍රන් නැගෙනහිර පළාත් නිවාස අධිකාරියේ සභාපති කේ. සුගුමාරන් යන මහත්වරුද එක්වූහ.



අදහස් (0)

දිට්ටාවෙන් විනාශවූ මූතූර් නිවාස ඉදිකිරීමට ටෝකියෝ සිමෙන්ති පෙරට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site