IMG-LOGO

2026 ජුනි මස 03 වන බදාදා


දකුණු පළාත් නැවුම් තේ මංගල්‍යය මැයි 31 ගැටබරුවේදී

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ගාල්ල සහ මාතර දෙදිසා ප්‍රාදේශීය කාර්යාල ඒකාබද්ධව සංවිධානය කරනු ලබන දෙදහස් විසිහය වසරේ දකුණු පළාත් නැවුම් තේ මංගල්‍යය මැයි මස 31 වැනිදා පෙරවරු 9 යට මාතර ඓතිහාසික ගැටබරු රජ මහා විහාරස්ථානයේදී පැවැත්වේ.
ගාල්ල හා මාතර දෙදිසාවේ නැවුම් තේ අස්වැන්නේ නොඉඳුල් කොටස බුදුන් පුදට පිදීම මෙදින සිදු කෙරේ.
ගාල්ල හා මාතර දෙදිසාවේ තේ මණ්ඩලවල ප්‍රධානීන්ගේ සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් පැවැත්වෙන දකුණු පළාත් නැවුම් තේ මංගල්‍යය ඉතා චාම්ව සහ ගාම්භීරව පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බව මේ වැඩසටහනේ සංවිධායකයෝ කියති.
දකුණු පළාත් නැවුම් තේ මංගල්‍යය සඳහා තේ කර්මාන්තය හා බැඳුණු දෙදහසක් පමණ මෙදින මාතර ඓතිහාසික හැටබරු රජ මහා විහාරස්ථානයට පැමිණීමට නියමිත බව මේ වැඩසටහනේ සංවිධායකයෝ කියති.



අදහස් (0)

දකුණු පළාත් නැවුම් තේ මංගල්‍යය මැයි 31 ගැටබරුවේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site