IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


දකුණු ආසියානු නවෝත්පාදනය බලගැන්වීමට First Capital Startup Nation by Hatch කලාපීය ව්‍යාප්තියක් සමගින් නැවතත් ඇරැඹෙයි

 

  • ඇමෙරිකානු ඩොලර් මිලියනයක් දක්වා අරමුදල් අවස්ථා

සිය ප්‍රථම වැඩසටහනේ සාර්ථකත්වයෙන් පසුව  First Capital Startup Nation හි 2026 වැඩසටහන ආරම්භ කිරීම සඳහා Hatch සහ First Capital Holdings PLC සමාගම නැවතත් අත්වැල් බැඳගෙන තිබේ. Hatch යනු ශ්‍රී ලංකාවේ විශාලතම ආරම්භක ව්‍යාපාර පරිසර පද්ධති ක්‍රියාකාරීයා වන අතර,  First Capital Holdings PLC යනු ජනශක්ති සමූහයේ (JXG)  සාමාජිකයකු මෙන්ම මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකි.

මෙවර වඩාත් පුළුල් කලාපීය මුහුණුවරකින් පැවැත්වෙන මෙම වැඩසටහනෙන් ව්‍යවසායකත්වය දියුණු කිරීමටත්, ශ්‍රී ලංකාවේ නවෝත්පාදන පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමටත් මෙම ආයතන දෙක අතර ඇති දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමටත් කටයුතු කෙරේ.

දෙවැනි වසරටත් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ සීමාවලින් ඔබ්බට යමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්වය නංවාලීම වෙනුවෙන් උපරිමයෙන් කැපවන අතරම,  First Capital Startup Nation by Hatchහරහා දකුණු ආසියාව පුරා සිටින ආරම්භක ව්‍යාපාර, ආයෝජකයන්, උපදේශකයන්, පරිසර පද්ධති නිර්මාතෘවරුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් එකම වේදිකාවකට රැගෙන එයි. එමගින් කලාපීය සහයෝගීතාවල දැනුම හුවමාරු කර ගැනීම සහ ව්‍යාපාරික වර්ධනය සඳහා ශක්තිමත් මගක් විවර වේ.

කලාපීය වශයෙන් පුළුල් කරන ලද මෙම වැඩසටහන සඳහා දැනටමත් විශාල ප්‍රතිචාරයක් ලැබෙමින් පවතී. ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය සහ බංග්ලාදේශය යන රටවලින් අයදුම්පත් 250කට වඩා වැඩි ගණනක් මේ වන විටත් ලැබී තිබේ. ඉන්දියාවේ  Founder Startup House (පෙර Draper Startup House  ලෙස හැඳින්වූ නේපාලයේ Pool Technologies සහ බංග්ලාදේශයේ Turtle Venture වැනි කලාපීය පරිසර පද්ධති හවුල්කරුවන් මෙයට දායක වීමෙන්, මෙම වැඩසටහන සතු කලාපීය වැදගත්කම මැනවින් පිළිබිඹු වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්ෂේත්‍රයේ ප්‍රධානතම ක්‍රියාකාරියකු වන First Capital සමාගම, සාම්ප්‍රදායික මූල්‍ය සේවාවලින් ඔබ්බට යමින් මෙරට ව්‍යවසායකත්ව ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. ප්‍රාග්ධන වෙළෙඳපොළ, ආයෝජන උපදේශනය සහ අරමුදල් රැස්කිරීම පිළිබඳ තමන් සතු සුවිශේෂී හැකියාවන් හරහා ආරම්භක ව්‍යාපාර සඳහා අවශ්‍ය උපායමාර්ගික මගපෙන්වීම, ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සහ ව්‍යාපාර තිරසාර ලෙස ඉදිරියටම රැගෙන යාමට අවශ්‍ය වර්ධන ප්‍රාග්ධනය ලබා දීම සමාගමේ ප්‍රධාන අරමුණයි.

වැඩසටහන ආරම්භ කිරීම පිළිබඳව අදහස් දක්වමින්  First Capital සහ Hatch  ආයතනවල නියෝජිතයන් පවසා සිටියේ මෙම අඛණ්ඩ හවුල්කාරිත්වයෙන් තමන් සතු පොදු දිගුකාලීන දැක්මක් පිළිබිඹු වන බවයි. එනම් ව්‍යවසායකයන්ට අලුත් අදහස් ඔස්සේ ඉදිරියට යාමට වටිනා අවස්ථා ලබාගැනීමට සහ කලාපීය මට්ටමින් සාර්ථකව තරඟ කිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමයි.  First Capital  ආයෝජන විශේෂඥතාව Hatch සතු පළපුරුද්ද සමඟ ඒකාබද්ධ කිරීමෙන් ව්‍යවසායකයන් වෙනුවෙන් දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීමටත්, ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික වර්ධනයට දායක වීමටත් මෙම වැඩසටහනෙන් අපේක්ෂා කෙරේ.

කලාපීය වශයෙන් පුළුල් වීමෙන් ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාරවලට වෙනත් රටවල ව්‍යවසායකයන්, උපදේශකයන්, ආයෝජකයන් සහ ප්‍රවීණයන් රැසක් සමග සබඳතා පැවැත්වීමට අවස්ථාව ලැබෙන බැවින්, වැඩසටහනේ සමස්ත ගුණාත්මකභාවය සහ තරගකාරීත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙමගින් රටවල් අතර හවුල්කාරිත්ව ඇති කර ගැනීමට, දැනුම බෙදා ගැනීමට සහ සහභාගී වන ව්‍යාපාරවලට ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීමට වැඩි අවස්ථා උදා වන අතරම, Hatch ආයතනයේ ‘Innovation District’ වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට රැගෙන යාමට ද සහය ලැබෙනු ඇත.  First Capital Startup Nation by Hatch වැඩසටහන හරහා, ආරම්භක ව්‍යාපාරවලට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් දක්වා වූ අරමුදල් ලබාගැනීමේ අවස්ථාව හිමි වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික පරිසර පද්ධති නිර්මාතෘවරයා වන Hatch  ආයතනය ව්‍යවසායකයන්ට උපදේශන සේවා, උපායමාර්ගික සබඳතා දැනුම සහ ජාත්‍යන්තර ජාලයන් වෙත ප්‍රවේශය ලබා දෙමින් නව අදහස් දියුණු කිරීමට අඛණ්ඩව පෙරමුණ ගෙන කටයුතු කර ඇත.  First Capital Startup Nation by Hatch වැඩසටහනෙන්, නවෝත්පාදන දිරිමත් කරන ප්‍රධාන බලවේගයක් ලෙස තම කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කිරීමට Hatch කටයුතු කරයි. මෙමගින් ව්‍යාපාරවල මුල් අවදියේ පසුවන නිර්මාතෘවරුන්ට ඔවුන්ගේ සාර්ථක ව්‍යාපාරික අදහස්, කලාපීය සහ ගෝලීය විභවයක් සහිත මහා පරිමාණ ව්‍යාපාර බවට පරිවර්තනය කර ගැනීමට මහඟු සහයක් හිමිවේ.

කලාපීය වශයෙන් පුළුල් වීම සහ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් වීමත් සමඟ, Capital Startup Nation by Hatch 2026 වැඩසටහන යනු ව්‍යවසායකයන් බලගැන්වීම, නව ආයෝජන අවස්ථා උදා කිරීම සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික සංවර්ධනයට දායක වන තිරසාර නවෝත්පාදන ඉදිරියට රැගෙන යාම වෙනුවෙන් තැබූ තවත් සාර්ථක ඉදිරි පියවරකි.



අදහස් (0)

දකුණු ආසියානු නවෝත්පාදනය බලගැන්වීමට First Capital Startup Nation by Hatch කලාපීය ව්‍යාප්තියක් සමගින් නැවතත් ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site