IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


තවත් W15 හෝටල් දෙකක් යාලට සහ අම්බලන්ගොඩට


භානුක අමරසිංහ


සුප්‍රසිද්ධ යුනිටි ප්ලාසා ගොඩනැගිල්ල හිමි ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමට අයත් W15 සන්නාමය යටතේ W15 Yala සහ W15 Ambalangoda නමින් යාල සහ අම්බලන්ගොඩ අලු‍තින් හෝටල් දෙකක් මේ වනවිට ඉදි කෙරෙමින් පවතින බව එම සමාගම පවසයි. 

ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ අනාගත වර්ධනය පිළිබඳව කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ පිළිබඳව සඳහන් කර සිටියි. එසේම ඉදිරියේදී සිය ලෙෂර් අංශය සඳහා ප්‍රාග්ධන වියදම් අඩු ව්‍යාපාර පුළුල් කිරීමේ ක්‍රමයක් වන කළමනාකරණ කොන්ත්‍රාත්තු පිරිනැමීම සදහාද අවධානය යොමු කර ඇතැයි සමාගම පවසයි.



අදහස් (0)

තවත් W15 හෝටල් දෙකක් යාලට සහ අම්බලන්ගොඩට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site