මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති 2025 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාව අනුව 2025 වසරේ පළමු මාසහයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කළ ඛනිජ තෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනික පිරිවැය 2024 වසරේ සමාන කාලපරිච්ඡේදයේ වූ ඇමරිකන් ඩොලර් මිලියන 1,235ට සාපේක්ෂව ඇ.ඩො. මිලියන 1,040ක් දක්වා අඩුවී ඇත.
මෙම පහත වැටීමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත වැටීම සහ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ ඉහළ යාමයි. එහි ප්‍රතිඵලයක් ලෙස, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විකුණුම් පිරිවැය 2024 වසරේ පළමු භාගයේ දී වාර්තා කළ රු. බිලියන 467.7ට සාපේක්ෂව 2025 වසරේ සමාන කාලපරිච්ඡේදයේ දී රු. බිලියන 377.9ක් දක්වා සියයට 19.2කින් අඩුවී ඇත.
මේ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරිවැටුම ද 2024 වසරේ පළමු මාස හයේදී පැවති රු. බිලියන 544.3ට සාපේක්ෂව 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ දී රු. බිලියන 439.5ක් දක්වා සියයට 19.3කින් කැපීපෙනෙන පහළ යාමක් පෙන්නුම් කර ඇත. මෙම ප්‍රවණතා පිළිබිඹු කරමින්, 2024 වසරේ පළමු මාස හයේ ශුද්ධ ලාබය වූ රු. බිලියන 20.7ට සාපේක්ෂව 2025 වසරේ එම කාලපරිච්ඡේදයේ ශුද්ධ ලාබය රු. බිලියන 17ක් දක්වා සියයට 17.9කින් පහත වැටී ඇත.
තෙල් සංස්ථාවේ ලාබය සියයට 17.9කින් පහළට