IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


තර්ස්ටන් රග්බි පිලට ‘ප්‍රයිම්’ සමූහයේ අනුග්‍රහය

යොහාන් භාසුර 


ශ්‍රී ලංකා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ දශක තුනකට අධික කාලයක් රැදීසිටින ප්‍රයිම් සමූහ ව්‍යාපාරය තර්ස්ටන් විද්‍යාලයීය පළමු පෙළ රග්බි කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි.
ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවසුවේ, තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු ලෙස එහි පළමු පෙළ රග්බි කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට හැකි වීම ගැන ආඩම්බර වන බවත් නායකත්වය, විනය කණ්ඩායම් හැඟීම සහ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැනි ගුණාංග සිය ජීවිතයට එක් වූයේ තර්ස්ටන් විද්‍යාලයෙන් බවයි.
ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රේමලාල් බ්‍රහ්මණගේ මහතා විසින් තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතාට චෙක්පත නිල වශයෙන් ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
තර්ස්ටන් විද්‍යාලයීය රග්බි සමාජයේ උප සභාපති අෆ්ලාල් ඉසඩීන්, එහි සභාපති එයාර් කොමදෝරු සුභාෂ් ජයතිලක සහ එහි භාණ්ඩාගාරික සුදේශ් ගෝමස් යන මහත්වරු ද මෙහි වෙති. 



අදහස් (0)

තර්ස්ටන් රග්බි පිලට ‘ප්‍රයිම්’ සමූහයේ අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site