IMG-LOGO

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා


ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩ ඉරිඟු‍ ආනයනයට අවසර

නිමල කොඩිතුවක්කු


ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමිතිගත බඩ ඉරිඟු‍ ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු‍ සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදා ගනී. ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩ ඉරිඟු‍ අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000 ක් වන අතර මාසික අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.
දේශීය වශයෙන් අවශ්‍ය ප්‍රමිතිගත බඩ ඉරිඟු‍ සපයා ගැනීමට පවතින අපහසුතා සැලකිල්ලට ගෙන, ත්‍රිපෝෂ නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුත් බඩ ඉරිඟු‍ ප්‍රමාණයක් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් විසින් ආනයනය කිරීම සඳහා එම ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩ ඉරිඟු‍ ආනයනයට අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site