IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නීති සම්මන්ත්‍රණයක්

විමුක්ති එස් රුද්‍රිගු


තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නීති සම්මන්ත්‍රණය පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඩිජිටල් හදගැස්මේ නීතිය යන තේමාව යටතේ පැවැත්විණි.
සම්මන්ත්‍රණය සැසිවාර කීපයකින් සමන්විත වූ අතර එහිදී ඩිජිටල් තාක්ෂණය හමුවේ පෞද්ගලිකත්වය හා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සම්බන්ධයෙන්, එහි ආරක්ෂාවට නීතිය සැපයීම සම්බන්ධයෙන්, ඉලෙක්ට්‍රොනික වාණිජ නියාමනයේදී පවතින නීති රාමුවේ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.
සැසිවාරවල සම්පත්දායකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර හා ජනක් ද සිල්වා, කොළඹ නීති පිඨයේ පිඨාධිපති මහාචාර්ය සම්පත් පුංචිහේවා, අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන, ටෙලිකොම් ආයතනයේ සභාපති ආචාර්ය මෝදිලාල්ද සිල්වා ඇතුළු මහත්වරු පිරිසක් කටයුතු කළහ.
එම අවස්ථාවට ගෞරවනීය අමුත්තන් ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස්, අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසුරිය, නීතිපති පාරින්ද රණසිංහ, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.



අදහස් (0)

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නීති සම්මන්ත්‍රණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site