IMG-LOGO

2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා


ත්‍රිකුණාමල ධීවරයන්ට රු. මි. 13.5 ක ධීවර බෝට්ටු

ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව 


ගෙවීගිය වසරේ ඇති වූ ‘දිට්වා‘ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ධීවරයන්ගේ ජීවනෝපාය නැවත ගොඩනැගීමේ අරමුණින් රුපියල් මිලියන 13.5 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ධීවර බෝට්ටු 19 ක් එම ධීවර ප්‍රජාවට ලබාදීම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉකුත් දා සිදු කෙරිණි.
ත්‍රිකුණාමලය දිසාපති ඩබ්ලිව්.ජී.එම්. හේමන්ත කුමාර මහතාගේ සංවිධානයෙන් පැවැති මෙම අවස්ථාවට ධීවර හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහභාගී වී පීඩාවට පත් ධීවර ප්‍රජාවට ධීවර බෝට්ටු ප්‍රදානය කළේය.
‘දිට්වා’ සුළි කුණාටුව නිසා ධීවර බෝට්ටු සහ උපකරණ අහිමි වී ජීවනෝපාය අතින් මහත් දුෂ්කරතාවලට මුහුණ දුන් ධීවර කාර්මියන්ට අවශ්‍ය සහාය ලබාදීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කර ඇත. මේ ඔස්සේ පීඩාවට පත් ධීවරයන්ට නැවතත් සිය ධීවර රැකියාව ආරම්භ කර, ජීවනෝපාය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදා වී තිබේ.
මෙම අවස්ථාවට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර, ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ධීවර හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරුද සහභාගී වූහ.



අදහස් (0)

ත්‍රිකුණාමල ධීවරයන්ට රු. මි. 13.5 ක ධීවර බෝට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site