IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


ත්‍රිකුණාමල ධීවර තොටුපොළ හතරක් සංවර්ධනයට පියවර

ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව


තොටුටපොළ ධීවර කාර්මිකයන්ගේ ආදායම් උත්පාදනය ඉහළ නැංවීම සඳහා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම යටතේ 2026 වසරේ අයවැය යෝජනා අනුව ත්‍රිකුණාමල ධීවර තොටුපොළ හතරක් සංවර්ධනය කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි.
මුහුදු ඛාදනයෙන් විනාශ වූ ‘‘සල්ලි - සාම්පල්තිව්”‍ ධීවර තොටුපොළ මේ යටතේ යළි ඉදිකිරීමට කටයුතු යොදා ඇති අතර, මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා ඇතුළු පිරිසක් එහි ශාක්‍යතා අධ්‍යනයක නිරතවුහ.
මීට අමතරව සිරිමාපුර, සෙල්වනගර් හා නඩතිව් යන ධීවර තොටුපොළ සංවර්ධනය කිරීමටද පියවර ගෙන ඇත. මෙම තොටුපොළ සංවර්ධනය සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් අදියරේ පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීය. නෙළා ගන්නා මත්ස්‍ය සම්පත ධීවර තොටුපොළ කාර්මිකයන් ගොඩබිමට රැගෙන ඒමේදී ඇතිවන අපහසුතා මඟ හරවමින් ලංකාවේ ප්‍රෝටීන අවශ්‍යතාව වැඩි කිරීම මෙන්ම ධීවර කාර්මිකයන්ගේ ආදායම් උත්පාදනය සෘජු සහ වක්‍ර රැකියා ප්‍රවර්ධනය වීමෙන් වැඩි කිරීමට හැකි වෙතැයි බලාපොරොත්තුවේ.

 



අදහස් (0)

ත්‍රිකුණාමල ධීවර තොටුපොළ හතරක් සංවර්ධනයට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site