IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් ශ්‍රී ලංකා තිරසාරත්ව ව්‍යාපාර නායකත්ව සම්මාන දිනයි


ශ්‍රී ලංකාවේ ඉංජිනේරු හා ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගම 2026 ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී Sustainability Business Leader of the Year  සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය, නව්‍යකරණය හා පරිසර හිතකාමී කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා සමාගම සිදු කර ඇති සුවිශේෂ දායකත්වය ඇගැයීමක් ලෙස මෙම ගෞරවය හිමි විය. මෙම සම්මානය 14 වැනි ලෝක ඉදිකිරීම් සම්මන්ත්‍රණයට සමගාමීව පැවති Sri Lankan Sustainability Awards  2026 උළෙලේදී පිරිනමන ලදී.

කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති මෙම උත්සවයට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෝ, විද්වත් පිරිස්, රාජ්‍ය නිලධාරීහු සහ ව්‍යාපාර නායකයෝ රැසක් එක් වී සිටියහ. වසර ගණනාවක් පුරා ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් කර්මාන්තයට උසස් තත්ත්වයේ රෝලර් දොරවල්, රෝලර් ෂටර්ස්, ස්වයංක්‍රීය ගේට්ටු, ගිනි ප්‍රතිරෝධී දොරවල්, වානේ හා ඇලු‍මිනියම් නිෂ්පාදන ඇතුළු නව්‍ය ඉංජිනේරු විසඳුම් හඳුන්වා දෙමින් කර්මාන්තයේ ප්‍රමුඛත්වය තහවුරු කර ගෙන ඇත. එමෙන්ම නවීන නිෂ්පාදන තාක්ෂණය, ජාත්‍යන්තර ප්‍රමිති හා පරිසර වගකීම ඒකාබද්ධ කරමින් තිරසාර කර්මාන්ත සංවර්ධනයට අඛණ්ඩව ආයෝජනය කරමින් සිටී.

සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීම, බල ශක්තිය ඉතිරි කිරීම, පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලි හා දිගු කාලීනව භාවිත කළ හැකි ගුණාත්මක නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීම තුළින් තිරසාර සංවර්ධනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් විශේෂ පිළිගැනීමක් ලබා ඇත. සමාගමේ කළමනාකාරිත්වය සඳහන් කළේ මෙම ජයග්‍රහණය තම සේවකයන්ගේ කැපවීම, පාරිභෝගිකයන්ගේ විශ්වාසය හා ව්‍යාපාර හවුල්කරුවන්ගේ සහයෝගය මත ගොඩ නැගුණු සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් බවයි. ඉදිරියටත් නව්‍යකරණය, ගුණාත්මකභාවය හා තිරසාරත්වය කේන්ද්‍ර කර ගත් ඉංජිනේරු විසඳුම් තුළින් ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගතියට දායක වීම සමාගමේ අරමුණ බව ඔවුහු අවධාරණය කළහ. මෙම සම්මානය ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් සමාගම ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැප වූ වගකීම් සහගත නව්‍ය ව්‍යාපාර නායකයකු ලෙස තව දුරටත් තහවුරු කරන තවත් සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස සැලකේ.



අදහස් (0)

ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් ශ්‍රී ලංකා තිරසාරත්ව ව්‍යාපාර නායකත්ව සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site