×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 නොවැම්බර් මස 30 වන සඳුදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
තැඹිලි ගෙඩි අපනයන ආදායම් ඉපැයීම් පහළට
කතෘ මණ්ඩලය 2026 නොවැම්බර් මස 23
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
අපනයනය කළ තැඹිලි ගෙඩි
ගණන ලක්ෂ 72 සිට
ලක්ෂ 30 ට අඩුවෙලා
ලැබුණු ආදායම රුපියල්
බිලියන 1.8 ක සිට රුපියල්
බිලියන 1 කට අඩුවෙලා
මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ගත වූ මුල් මාස නවයක කාලය තුළ මෙරට සිදුකළ තැඹිලි අපනයනය මෙන්ම ඒ හරහා ලැබුණු අපනයන ආදායමද කැපී පෙනෙන ලෙස පහත වැටී ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව මෙම කාලසීමාව තුළ සිදුකළ සමස්ත තැඹිලි අපනයනය ගෙඩි 3,039,979 කි. එය 2025 වසරේ එම කාලසීමාවේදී සිදුකළ තැඹිලි ගෙඩි 7,264,862 ක අපනයනය හා සැසඳීමේදී සියයට 58 ක පහත වැටීමක් ලෙස සටහන්ව තිබේ.
පොල් සංවර්ධන අධිකාරිය මගින් සැප්තැම්බර් මාසය සඳහා නිකුත් කළ පොල් ආශ්රිත නිෂ්පාදන 41 ක අපනයන කාර්යසාධන වාර්තාව තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ. රේගු දත්ත අනුව මෙය සකස් කර ඇත.
ඒ අනුව වසරේ එම කාලසීමාව තුළ තැඹිලි ගෙඩි අපනයනය හරහා ලැබුණු ආදායම රුපියල් මිලියන 1,060.19 කි. කෙසේ වෙතත් මෙය 2025 වසරේ එම කාලසීමාවේදී ලැබුණු රුපියල් මිලියන 1,898.27 හා සැසඳීමේදී සියයට 44 ක අඩුවීමකි.
විශේෂයෙන්ම කාලගුණික විපර්යාස හේතුවෙන් තැඹිලි අස්වැන්නේ සිදු වූ අඩුවීම මෙන්ම දේශියව ඇති වූ ඉල්ලුම සහ මිල රුපියල් 200 කට වඩා ඉහළ යෑම මේ සඳහා බලපා තිබේ. එසේම මැදපෙරදිග යුද ගැටුම් නිසා තැඹිලි ආනයන ඉල්ලුම් අඩුවීම සහ නෞකා ගාස්තු ඉහළ යෑමත් අපනයන අධෛර්යවත් කර තිබේ.
මේ අතර මෙරට තුළ පොල් ආශ්රිත නිෂ්පාදන සඳහා පවතින ඉහළ පිරිවැය හේතුවෙන් අපනයනකරුවන්ගේ තරගකාරිත්වයට එල්ල වී ඇති බාධා හේතුවෙන් කලාපයේ වෙනත් රටවලට එම අපනයන අවස්ථා ගලා යමින් පවතින බවත් පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනකරුවෝ සඳහන් කරති.
2025 වසරේදී තැඹිලි ගෙඩි 9,837,020ක් අපනයනය කරමින් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 2,555.15 ක අපනයන ආදායමක් රැස් කරගැනීමට සමත් විය. එය 2024 වසරට සාපේක්ෂව ගෙඩි අපනයනයේ සියයට 23ක සහ ආදායමේ සියයට 25 ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ.
අදහස් (0)
තැඹිලි ගෙඩි අපනයන ආදායම් ඉපැයීම් පහළට
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
තැඹිලි ගෙඩි අපනයන ආදායම් ඉපැයීම් පහළට