IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


තේ ගම්මාන පන්සීයක් ස්ථාපිත කිරීමේ ගාලු‍ දිස්ත්‍රික් වැඩසටහන ඇරැඹේ

 


කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ පිටිගල ඩී.ජේ.විජේසිංහ


දල්ලෙන් දලු‍ලන රටක් තේමාව කර ගනිමින් තේ ගම්මාන පන්සීයක් ස්ථාපිත කිරීමේ ගාලු‍ දිස්ත්‍රික් සමාරම්ක උත්සවය ජූලි මස 15 වැනි දින ගාල්ල, නියාගම, වත්තහේන, අඬාරාදෙණිය රුහුණු තේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී ගාලු‍ දිසා පාර්ලිමේන්තු මන්තීවරුන් වන නිශාන්ත පෙරේරා, ටී. කේ. ජයසුන්දර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

මේ වැඩසටහන යටතේ ගාලු‍ දිසාවේ පමණක් තේ ගම්මාන විසිපහක් ස්ථාපිත කිරීමට නියමිත අතර මේ සමාරම්භක අවස්ථාවේදී ගාලු‍ දිසාවේ කුඩා තේ වතු හිමියන් තේ වගාව පිළිබඳව දැනුම්වත් කිරීම ඇතුළු කාර්යයන් කිහිපයක් සිදු කෙරිණ.

තේ වගාවට අවශ්‍ය ගුණාත්මක තේ පැළ ලබාදීම, අලු‍තින් සකස් කරන ලද තවාන්වල තේ පැළ සිටුවීම, තේ වගාවට යෝග්‍ය පස, පොහොර සහ රසායනික ද්‍රව්‍ය පිළිබඳව කුඩා තේ වතු හිමියන් දැනුම්වත් කිරීම ඇතුළු කාර්යයන් ඒ අතර විය.

වැවිලි ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය සහ එම අධිකාරියේ ඇල්පිටිය උපකාර්යාලය එක්ව මේ වැඩසටහන සංවිධානය කර තිබිණ.

මේ අවස්ථාවට නියාගම ප්‍රාදේශීය සභාපති සිදත් කුමාර, ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් අයේෂා කාරියවසම්, වැවිලි අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ධර්මබන්දු, කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ ගාල්ල දිසා ප්‍රාදේශීය කළමනාකරු ඉන්දික මොහොට්ටි, ශ්‍රී ලංකා තේ පර්‌යේෂණායතනයේ කොට්ටව ස්ථානභාර නිලධාරී ප්‍රදීප් ද අල්විස්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහකාර කොමසාරිස් විජේමාන්න,තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති සෙනවිරත්න, තේ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති කසුන් සහ කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ ඇල්පිටිය උප කාර්යාලයේ කලාප තේ සංවර්ධන ව්‍යාප්ත නිලධාරී අයි. ඩී. ඩී. කුමාර යන මහත්ම, මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

තේ ගම්මාන පන්සීයක් ස්ථාපිත කිරීමේ ගාලු‍ දිස්ත්‍රික් වැඩසටහන ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site