IMG-LOGO

2026 මාර්තු මස 29 වන ඉරිදා


ඩීසල් කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ Trafigara Pte සමාගමට

නිමල කොඩිතුවක්කු


ඩීසල් බැරල් 1,400,000+/-5% නැව් තොග 5ක ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2025-11-15 දින සිට 2026-06-14 දින දක්වා කාලය තුළ ඩීසල් (0.05% M.S.) බැරල් 1,400,000+/-5% (නැව් තොග 5ක්) ප්‍රසම්පාදනය කිරීම සඳහා දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කිරීම පිණිස එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත. 

ඒ සඳහා ලංසුකරුවන් 7 දෙනකු විසින් ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව එකී ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ  M/s. Trafigara Pte Ltd වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.



අදහස් (0)

ඩීසල් කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ Trafigara Pte සමාගමට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site