
ඩිවොල්කා නෝවා මාදිලියේ ස්විච් හා ස්විච් සොකට් SLSI 1000, SLSI 734 සහ SLSI 734-2 ප්‍රමිති සහතික හිමිකර ගෙන ඇත. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සෙනරත්න මහත්මිය විසින් ඩිවොල්කා ඉලෙක්ට්‍රික් සමාගමේ විකුණුම් හා අලෙවිකරණ අධ්‍යක්ෂ සෙනාල් සමරවික්‍රම මහතා වෙත එම ප්‍රමිති සහතික ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.
මේ අවස්ථාවට ඩිවොල්කා ඉලෙක්ට්‍රික් සමාගමේ තත්ව පාලන නිලධාරිනී වාසනා රත්නායක, කළමනාකරු සජිත් මධුසංඛ, විකුණුම් ප්‍රධානී චන්දන ගුණසේන සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඒ. පී. කණ්ඩගේ මහතා ද එක්ව සිටියහ.
ඩිවොල්කා නෝවා ස්විච් ස්විච් සොකට්වලට SLSI ප්‍රමිති සහතික