
ඩේවිඩ් පීරිස් ඒවියේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පසුගියදා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් පිරිනමන (CAASL) ගුවන් යානා මෙහෙයුම් සහතික පත්‍රය (AOC) සහ මෙහෙයුම් සහතිකය (Ops-Specs) හිමි කර ගන්නා ලදීග මේ ඔස්සේ මෙරට දේශීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ සිය පැවැත්ම තවදුරටත් සවිමත් කිරීමට සමාගමට හැකියාව ලැබේ.
මෙම පූර්ණ සහතිකකරණයෙන් පසුව සමාගම දේශීය ගමනාන්ත හරහා සාර්ථකව පෞද්ගලික සහ විශේෂ ගුවන් ගමන් (Charter Flight) ක්‍රියාත්මක කර ඇති අතර නව්‍යල සුවපහසු මෙන්ම විශ්වසනීය දේශීය ගුවන් අත්දැකීමක් ඒ ඔස්සේ පිරිනමයි.
මෙම සහතික හිමි කර ගැනීමත් සමග මෙතෙක් තෙවැනි පාර්ශවයක් හරහා ගුවන් ගමන් මෙහෙයවන ලද ඩේවිඩ් පීරිස් ඒවියේෂන් සමාගම සම්පූර්ණ බලපත්‍රලාභී දේශීය ගුවන් සේවාවක් ලෙස විධිමත්ව සිය මෙහෙයුම් ආරම්භ කළේය.
සුවපහසු බව සහ ඉහළ කාර්යසාධනයක් සහිත නවීන මෙන්ම විශ්වසනීය ගුවන් යානයක් වන Cessna Grand Caravan යානය සමගින් ඩේවිඩ් පීරිස් ඒවියේෂන් සමාගම සිය ගුවන් මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කර තිබේග නම්‍යශීලී බවල පෞද්ගලිකත්වය සහ කාර්යක්ෂම බව සහිත පෞද්ගලික සහ විශේෂ ගුවන් සේවා සඳහා ව්‍යාපාරිකයන්ල සංචාරකයන් සහ පවුල් අතර දිනෙන් දින ඉහළ යන ඉල්ලුම මැනවින් අවබෝධ කරගනිමින් ඒ සඳහා විශිෂ්ට සේවාවක් සැපයීමට සමාගම කැපවී සිටියි.
ඩේවිඩ් පීරිස් ඒවියේෂන් යටතේ යාපනය (පලාලි - කටුනායක මත්තල – වීරවිල, ත්‍රිකුණාමලය - මඩකලපුව, සීගිරිය - ඉරණමඩු, කොග්ගල - කටුකුරුන්ද (කළුතර - අම්පාර, අනුරාධපුරය සහ හිඟුරක්ගොඩ යන ලංකාව පුරා විහිදුණු ගමනාන්ත 13ක් සඳහා ගුවන් ගමන් වෙන් කරවා ගත හැකිය. මහා මාර්ග ගමනාගමන කටයුතුවලදී සිදුවිය හැකි ප්‍රමාදය සහ අභියෝග මගහරිමින් සුවපහසුවෙන් සිය ගමනාන්ත වෙත ගමන් කිරීමට මේ ඔස්සේ ආයතනික මෙන්ම සංචාරක මගීන්ටද අවස්ථාව සලසා දෙයි.
ඩේවිඩ් පීරිස් ඒවියේෂන් සමග දේශීය ගුවන් ගමන් නව යුගයකට