
වසර 2030 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයක් අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලංකාවේ ඇඟලුම කර්මාන්ත ක්ෂේත්‍රයට එම අපනයන වර්ධනය වේගවත් කිරීම සඳහා කලාපයේ ප්‍රමුඛතම වෙළෙඳ ප්‍රදර්ශන ද්විත්වය නැවත මෙරට පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ගෝලීය රෙදිපිළි මූලාශ්‍ර සහ ඇඟලුම් තාක්ෂණය එකම වහලක් යටට එක් කරමින් Intex ප්‍රමුඛතම ජාත්‍යන්තර රෙදිපිළි මූලාශ්‍ර ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව InMac ස්මාර්ට් තාක්ෂණ සහ නවෝත්පාදන ඇඟලුම් යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශනය අගෝස්තු මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
රටවල් සහ කලාප 15කට වැඩි ගණනක ජාත්‍යන්තර සමාගම් 300කට අධික සංඛ්‍යාවක් සඳහා සත්කාරකත්වය ලබාදෙන විශාලතම ප්‍රදර්ශනය මෙය වන අතර, ශ්‍රී ලංකාවේ ඇඟලුම් සැපයුම් දාමය නවීකරණය කිරීම සඳහා පරිපූර්ණ වේදිකාවක් බවට පත්වනු ඇත. Intex Sri Lanka ප්‍රදර්ශනයෙන් කෙඳි (fibers) නූල්, රෙදිපිළි, අමතර උපාංග සහ තිරසර අමුද්‍රව්‍ය ක්ෂේත්‍රයේ අතිනවීන නවෝත්පාදන මෙහිදී ප්‍රදර්ශනය කරන අතර, එමගින් දේශීය නිෂ්පාදකයන් දකුණු ආසියාව, ASEAN යුරෝපා සහ මැදපෙරදිග ගැනුම්කරුවන් සමග සම්බන්ධ කරනු ලබයි.
ඊට සමගාමීව පැවැත්වෙන InMac Sri Lanka ප්‍රදර්ශනය මගින් කර්මාන්තයේ ස්වයංක්‍රීයකරණය සඳහා වන අවශ්‍යතාව සපුරාලනු ලැබේ. ඇඟලුම් කර්මාන්තශාලාවලට ඉහළ ධාරිතාවකින් සමන්විත නිෂ්පාදන කේන්ද්‍රස්ථාන බවට හුවමාරු වීම පහසු කිරීම සඳහා ගෝලීය ඇඟලුම් යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් විසින් ඔවුන්ගේ මීළඟ පරම්පරාවේ මැහුම්, කැපුම්, ඩිජිටල් මුද්‍රණ සහ පරිසර හිතකාමී නිමැවුම් පද්ධති (finishing systems) මෙහිදී ප්‍රථම වරට හඳුන්වා දීමට නියමිතය.
‘අපගේ විශාලතම චීන ප්‍රදර්ශන කුටිය සහ ඉන්දියාවේ ප්‍රබල සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාව කෙරෙහි ගැඹුරු ගෝලීය විශ්වාසය පිළිබිඹු වෙනවා‘ යැයි ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා ආර්ති භගත් මහත්මිය ප්‍රකාශ කළාය. ගිගෝලීය අමුද්‍රව්‍ය සමග උසස් තාක්ෂණික යන්ත්‍රෝපකරණ ඒකාබද්ධ කිරීමෙන් Intex සහ InMac ප්‍රදර්ශන ශ්‍රී ලංකාවේ 2030 අපනයන දැක්ම සවිබල ගැන්වීමට නිවැරැදි සැලසුම් සපයනු ඇත.‘ ඇය වැඩිදුරටත් එසේ කීවාය.
මෙම ජාත්‍යන්තර B2B ප්‍රදර්ශන අතරතුර දින 3ක් පුරා පැවැත්වෙන සංවාදාත්මක ව්‍යාපාරික සංසද සම්මන්ත්‍රණ මඟින් චක්‍රීය ආර්ථිකය (Circularity), තිරසරභාවය, ඩිජිටල් පරිවර්තනය සහ ස්මාර්ට් නිෂ්පාදන පිළිබඳ සාකච්ඡාවට ලක්වනු ඇත. මීට අමතරව දේශිය නිෂ්පාදකයන් සහ ජාත්‍යන්තර වෙළෙඳ ගැනුම්කරුවන් අතර මුහුණට මුහුණ ව්‍යාපාරික හමුවීම් සංවිධාන කර තිබේ.
ඩොලර් බි. 8ක ඇඟලුම් අපනයන ඉලක්කයට ළඟාවීමට Intex - InMac Sri Lanka 2026 අගෝස්තු 5 ඇරැඹේ