IMG-LOGO

2026 නොවැම්බර් මස 17 වන අඟහරුවාදා


ඩ්‍රෝන ටැක්සි සේවයේ අත්හදා බැලීමක් වරාය නගරයේදී

මෙරට තුළ ඩ්‍රෝන ටැක්සි සේවාවක් ආරම්භ කිරිමට සූදානමින් සිටින චීනයේ EHang Holdings සමාගම සිය ඩ්‍රෝන ටැක්සි සේවාවේ අත්හදා බැලීමක් සිදු කිරිමට ඊයේ (08) පියවර ගත්තේය. ඒ අනුව එම සේවාව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන කොළඹ වරාය නගරයේ සිට මෙම අත්හදා බැලීම සිදු කෙරිණි. ලබන නොවැම්බර් 11 වැනිදා සිට නිල වශයෙන් මෙම සේවාව ආදර්ශනය කර පෙන්වීමට එම සමාගම සූදානමින් සිටියි. 

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියත් සමගින් එක්ව ක්‍රියාත්මක කරන මෙම ඩ්‍රෝන ටැක්සි සේවාව සඳහා eVTOL (විදුලියෙන් ක්‍රියාත්මක සිරස්ව ගුවන් ගත වන සහ ගොඩබස්වන) යානා යොදා ගැනේ. මෙම යානා යොදා ගෙන මෙරට සංචාරක කර්මාන්තය, නාගරික ප්‍රවාහනය, හදිසි වෛද්‍ය සේවා මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු සේවා වෙත පහසුකම් සැලසීම අපේක්ෂාව වී තිබේ.



අදහස් (0)

ඩ්‍රෝන ටැක්සි සේවයේ අත්හදා බැලීමක් වරාය නගරයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site