IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඩෙන්මාර්කය - ශ්‍රී ලංකාව අතර ඩො.මි.39ක ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමක්

ඩෙන්මාර්ක් රජය සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තැබීම සිදුකෙරිණි.


මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තුගත ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 39ක් පමණ වේ. මෙම ද්විපාර්ශ්වික ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ඩෙන්මාර්ක් රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය Lars Lkke Rasmussen යන මහත්වරු අත්සන් තැබූහ.


නිල ණයහිමියන්ගේ කමිටුව සමග අවබෝධතා ගිවිසුම අවසන් කිරීමෙන් හා ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව, ඩෙන්මාර්ක් රජය, හිග ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ණය සහන පියවරක් ලබා දීමට එකග වී තිබේ.


ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව නිම කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති අඛණ්ඩ කැපවීම මෙමගින් පිළිබිඹු කරයි. 
ඩෙන්මාර්ක් රජය සහ ශ්‍රී ලංකා රජය අතර ශක්තිමත් සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මෙම ගිවිසුමට එළඹීමෙන් හැකියාව ලැබෙනු ඇත. ඩෙන්මාර්ක් රජයේ අඛණ්ඩ සහයෝගීතාවට සහ සබඳතාවට ශ්‍රී ලංකා රජය සිය අවංක කෘතඥතාව පළ කරයි.



අදහස් (0)

ඩෙන්මාර්කය - ශ්‍රී ලංකාව අතර ඩො.මි.39ක ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site