IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඩිජිටල්කරණය දින 100 වැඩසටහනට තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලන සහය

විමුක්ති එස් රුද්‍රිගු

රජය විසින් දියත් කර ඇති දින 100 ඩිජිටල් වැඩසටහන සාදරයෙන් පිළිගන්නා බවත් එම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහාය ලබාදෙන බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය පසුගියදා ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවා, අධ්‍යාපනය, ව්‍යාපාර සහ ආරම්භක ව්‍යාපාර ඩිජිටල්කරණය වේගවත් කිරීමත් 2030 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 15 ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව යන ගමන ශක්තිමත් කිරීමත් මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.

වැඩසටහන දියත් කිරීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ සභාපති ආචාර්ය දයාන් මහතා ප්‍රකාශ කර සිටියේ සිය සම්මේලනය රජයේ දින 100 වැඩසටන සාදරයෙන් පිළිගන්නා බවත් ඩිජිටල්කරණයට අනුගතවීම වේගවත් කිරීමටත්, ගෝලීය ඩිජිටල් වේදිකාවේ ශ්‍රී ලංකා ස්ථානය ශක්තිමත් කිරීමටත් සම්මේලනය සම්පූර්ණ සහාය ලබාදෙන බවත්ය. 



අදහස් (0)

ඩිජිටල්කරණය දින 100 වැඩසටහනට තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලන සහය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site