IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඩිජිටල් යුගයේ තරග කිරීමට ලාංකික ව්‍යාපාර ශක්තිමත් කිරීම

බැංකුකරණය, සිල්ලර වෙළෙඳාම සහ දුරකතන සන්නිවේදනය යන අංශ සැලකීමේදී, ඒවා ශ්‍රී ලංකා ආර්ථිකයේ හදවත බඳු වෙයි. එහිදී ඩිජිටල් වේදිකා ඉහළ නැංවීම හරහා බැංකු වෙත වඩාත් පහසුවෙන් සිය සේවා සැපයිය හැකිවීම, සිල්ලර අලෙවිකරුවන්ට සාප්පු අත්දැකීම් වඩාත් පුද්ගලානුබද්ධ කළ හැකිවීම සහ දුරකතන සේවා සම්පාදකයන්ට තරගකාරී සමාගම්වලින් තම පාරිභෝගිකයන් වෙත යම් බලපෑමක් සිදු වීමට පෙර ඒ පිළිබඳ අදහසක් ඇති කරගැනීමට හැකිවීම යනාදිය ලබා දෙයි. 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අද පවතින්නේ ඉතාමත් තීරණාත්මක අවධියකයි. එහිදී ඩිජිටල් පරිවර්තනය තවදුරටත් සුඛෝපභෝගී අංගයක් නොවන අතර, එය අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ. ඒ අනුව මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන්හි සිට විශාල ප්‍රමාණයේ සමාගම් සහ තාක්ෂණය පදනම් කරගත් ආරම්භක සමාගම්, ආයතන සිය මෙහෙයුම් වඩාත් නව්‍යකරණය වෙනුවෙන් සේල්ස්ෆෝර්ස් (Salesforce) තෝරා ගනිමින් සිටියි. 
මෙම වේදිකාව ඇමතුම් මධ්‍යස්ථාන සහ වෙබ් අඩවි සිට ජංගම දුරකතන ඇප් සහ සමාජ මාධ්‍ය යනාදී මාර්ග බොහෝමයක් ඔස්සේ පාරිභෝගික දත්ත එකිනෙක සමෝධානය කිරීමේ හැකියාව සහිතය. මේ හරහා දත්ත ගබඩා අදහස ඉවත් කරමින් තීරණ ගන්නන් හට ක්‍රියාත්මකවීම සඳහා අවශ්‍ය තොරතුරු යථා කාලයේදීම ලබා දෙන බවට සුරක්ෂිත කරයි.
අද වනවිට ශ්‍රී ලංකාවේ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසාය සහ විශාල සමාගම් සහ නවෝත්පාදන ආරම්භක සමාගම් අතර අන්තර්ජාලය පදනම් කරගත් ක්ලවුඩ් පරිගණක තාක්ෂණය, දත්ත විශ්ලේෂණය සහ කෘත්‍රිම බුද්ධිය යනාදී ටූල භාවිතයෙහි වර්ධනයක් දැකගත හැකිය. 
එහිදී මෙම සමාගම්හි සාර්ථකත්වයට හේතු වී ඇත්තේ ඔවුන් තාක්ෂණය වෙත යොමුවීම පමණක්ම නොවෙයි. විවිධ කටයුතු වඩාත් පහසුවෙන් සමෝධානය කිරීමේ හැකියාවත් එහිදී ප්‍රධාන වෙයි. ඒ අනුව දත්ත ගබඩා අවශ්‍යතාව බැහැර කරමින්, යථා කාලයේදී ලබා දෙන අදහස්වලින් සේවකයන් බලගන්වමින්, පාරිභෝගිකයන් වෙත වඩාත් ස්ථිර, ඔවුන්ටම ගැළපෙන අත්දැකීමක් ලබාදීමට මින් හැකියාව ලැබෙයි.
ඩිජිටල් අනුවර්තනය ජාතික අවශ්‍යතාවක් ලෙස
ශ්‍රී ලංකාව ගත් විට, ඩිජිටල්කරණය යනු හුදෙක් ව්‍යාපාර කාර්යක්ෂමතාව හා සම්බන්ධ කරුණක් නොවෙයි. එය දීර්ඝ කාලීන ආර්ථිකයේ ප්‍රත්‍යස්ථතාවක් හෙවත් ආර්ථිකයේ දරාගැනීම් වෙතද වැදගත් කරුණකි. ශක්තිමත් ඩිජිටල් කොඳුනාරටියක් පැවතීම මගින් වඩාත් හොඳ මූල්‍ය අන්තර්ගත බවක් ඇති කිරීමට, අපනයන කර්මාන්තය දියුණු කිරීමේ සහයෝගයක් ලෙස මෙන්ම වඩාත් වගකීම් සහගත රාජ්‍ය සේවයක් ගොඩනැගීමටත් උපකාරී වෙයි.
බැංකුකරණය, සිල්ලර වෙළෙඳාම සහ දුරකතන සන්නිවේදනය යන අංශ සැලකීමේදී, ඒවා ශ්‍රී ලංකා ආර්ථිකයේ හදවත බඳු වෙයි. එහිදී ඩිජිටල් වේදිකා ඉහළ නැංවීම හරහා බැංකු වෙත වඩාත් පහසුවෙන් සිය සේවා සැපයිය හැකිවීම, සිල්ලර අලෙවිකරුවන්ට සාප්පු අත්දැකීම් වඩාත් පුද්ගලානුබද්ධ කළ හැකිවීම සහ දුරකතන සේවා සම්පාදකයන්ට තරගකාරී සමාගම්වලින් තම පාරිභෝගිකයන් වෙත යම් බලපෑමක් සිදු වීමට පෙර ඒ පිළිබඳ අදහසක් ඇති කරගැනීමට හැකිවීම යනාදිය ලබා දෙයි. 
කෙසේ වෙතත් මෙම කරුණු කිසිවක් දුරස්තව පවතින හැකියාව නොවෙයි, ඒ සියල්ලක්ම වඩාත් තරගකාරී සහ අනාගතයට-සූදානම් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අප සතුව දැනටමත් පවතින පියවරය.
ගෝලීය හැකියාව දේශීය අවශ්‍යතා අනුව ගැළපීම


ශ්‍රී ලංකාව සතුව ඇති එක් විශාලතම අවස්ථාවක් වන්නේ ගෝලීය ඩිජිටල් නවෝත්පාදන සිය දේශීය සන්දර්භය වෙත යොදා ගැනීමට ඇති හැකියාවයි. මේ සඳහා වඩාත් ශක්තිමත් දේශීය විශේෂඥතාවක අවශ්‍යතාව, සංස්කෘතික අවබෝධය සහ තාක්ෂණය මගින් සැබෑ, ප්‍රමාණවත් ප්‍රතිඵල ලබා දෙන්නේද යන්න සුරක්ෂිත කරන හවුල්කාරීත්වයක් ඇති කිරීම අවශ්‍ය වෙයි.
මෙම කටයුතු මගින් පාරිභෝගිකයාගේ ගමන වෙනස් කළත්, ව්‍යාපාරයක අභ්‍යන්තර කටයුතු එකිනෙක සම්බන්ධ කළත්, හෝ අනුකූලතාව වැඩි වශයෙන් පවතින කටයුතු ස්වයංක්‍රීයකරණය කළත්, මෙම නවෝත්පාදනය බලපෑම් සහගත අවස්ථාවකට පත්වන්නේ එය දේශීයකරණය වීමෙනි. ඒ අනුව ශ්‍රී ලාංකික ව්‍යවසාය වෙත අවශ්‍යව ඇත්තේ ප්‍රමාණයෙන් විශාල විසඳුම් පමණක් නොවෙයි. ඒ අතරතුරදීම රටේ සුවිශේෂී ව්‍යාපාර සහ සංස්කෘතික වටපිටාව වෙත ගරු කරන විසඳුම්ද අවශ්‍ය වෙයි.
Salesforce හි අදහස වන්නේත් තාක්ෂණය මගින් තනිවම ව්‍යාපාර අනුවර්තනය නොකරනු ඇත යන්නයි. එය ශක්තිමත් ටූල සහ දේශීය විශේෂඥතාව එකට එකතු වී නිර්මාණය කරන කල්පවත්නා බලපෑමක් විය යුතුයි. ශ්‍රී ලාංකික හවුල්කරුවන් සමගින් එකට එක්ව කටයුතු කිරීමෙන්, මෙම විසඳුම් වඩාත් බලපෑම් සහගත ලෙස ක්‍රියාත්මක වීම පමණක් නොව ඒවා ව්‍යාපාරවල උපායමාර්ගික ඉලක්ක වෙත ගැළපෙන්නේද යන්නත් සුරක්ෂිත කිරීමට Salesforce කටයුතු කරයි. විශේෂයෙන්ම දේශීය වෙළෙඳපොළ ගතිකත්වය සහ පාරිභෝගික බලාපොරොත්තු ප්‍රමුඛ වූ කලාපයක මෙවැනි හවුල්කාරීත්වයක් අතිශය වැදගත් වෙයි.


කෘත්‍රිම බුද්ධිය : ජනප්‍රිය වදනින් ව්‍යාපාර වෙනස් කිරීම


කෘත්‍රිම බුද්ධිය (Ai) අද වන විට අතිශයෝක්තියේ සිට යථාර්ථය දක්වා ඉතාමත් වේගයෙන් පිවිසෙමින් තිබේ. ශ්‍රී ලාංකික ව්‍යාපාර වෙත ගත් විට, මීළග අවස්ථාව වන්නේ කෘත්‍රිම බුද්ධිය තීරණ ගැනීමේ සිට පුරෝකථනය කළ හැකි, පුද්ගලානුබද්ධ සහ ආචාරධර්මීය ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීමයි.
කෘත්‍රිම බුද්ධිය මගින් සිල්ලර අලෙවිකරුවන්ට යථාකාලයේදීම සිය නිෂ්පාදන නිර්දේශ කිරීමේ අවස්ථාව හිමි වීම, දුරකතන සන්නිවේදන සමාගම් වෙත තරගකාරී සමාගම්වලින් සිය පාරිභෝගිකයන්ට ඇති වන බලපෑම පුරෝකතනය කිරීම සහ අවම කිරීමට අවස්ථාව දීම හෝ රෝහල් තුළ වඩාත් පුද්ගලිකකරණය වූ රෝගී සත්කාරද ලබාදීමට හැකිවීම සිදු වෙයි. 
නමුත් මෙලෙස කාර්යක්ෂමතාව ඉහළ නංවන අතරතුරදීම කෘත්‍රිම බුද්ධිය මගින් විශ්වාසය, විනිවිදභාවය සහ ආචාර ධර්ම පිළිබඳව වැදගත් ප්‍රශ්නාර්ථයක්ද මතු කරයි. 
සැබෑ ලෙසම ශ්‍රී ලංකාව මේ හරහා ප්‍රතිලාභ ලබා ගැනීමට නම්, මෙම කෘත්‍රිම බුද්ධියේ යොදා ගැනීම නියාමනය කළ යුතුව ඇත. ඒ හරහා තාක්ෂණයේ වර්ධනය සුරක්ෂිත කිරීම සහ මානව තීරණ ගැනීම් වෙත විකල්පයක් ලෙස කෘත්‍රිම බුද්ධිය යොදා නොගැනීමට වග බලාගත යුතුව ඇත.


අනාගතයට සූදානම් ශ්‍රමබලකායක් ගොඩනැගීම


පුහුණු ශ්‍රමබලකායක් නොමැතිව මෙම තාක්ෂණික අනුවර්තනය සාර්ථක කර ගත නොහැකිය. ශ්‍රී ලංකාව අතින් ගත් විට එහි තරුණ, බලාපොරොත්තු සහගත ජනගහනයේ සම්පූර්ණ හැකියාව මතුකරගැනීමට නම් ඩිජිටල් කුසලතාව සහ අඛණ්ඩ ඉගෙනීම් තුළ ආයෝජනය කළ යුතුව ඇත. පුහුණුකිරීමේ වේදිකා, කර්මාන්ත - ශාස්ත්‍රීය හවුල්කාරීත්වය සහ සමාජය මූලික කරගත් පුහුණු මුලපිරීම් යනාදිය මගින් කර්මාන්ත තුළ සිටින වෘත්තිකයන්ට කෘත්‍රිම බුද්ධිය, දත්ත සහ ක්ලවුඩ් පරිගණක තාක්ෂණය පිළිබඳ විශේෂඥතාව වර්ධනය කරගැනීමට උදව් ලබා දෙනු ඇත.
මෙලෙස ඩිජිටල් දැනුම සහිත ශ්‍රම බලකායක් බිහි කරගැනීමට හැකිවීම මගින් ශ්‍රී ලංකාවට මෙම තරගකාරී බව තවදුරටත් ශක්තිමක් කරගනිමින්, ආයෝජන ආරක්ෂණය කරගෙන ගෝලීය ඩිජිටල් ආර්ථිකය තුළ සියල්ල එකට එක් වූ හවුල්කාරීත්වයක් සුරක්ෂිත කරගැනීම සදහා හැකියාව ලැබෙනු ඇත.


කෘත්‍රිම බුද්ධිය පුරෝකථනය කළ හැකි, පුද්ගලානුබද්ධ සහ ආචාරධර්මීය තීරණ ගන්නකු ලෙස පත් කිරීම


ලොවපුරා කෘත්‍රිම බුද්ධියේ යොදා ගැනීම වේගයෙන් සිදුවන අතරතුරදීම, ශ්‍රී ලාංකික සමාගම්ද කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වන විශ්වාසය, ආරක්ෂාව හෝ ආචාරධර්ම පිළිබඳව සම්මුතියක් ඇති කරගැනීමකින් තොරව සිය තීරණ ගැනීමේ කටයුතු වෙත එම තාක්ෂණය යොදා ගැනීමක් දැකගත හැකිය. 
එහෙත් මෙම කරුණ සැලකීමේදී එහි ඉදිරියෙන්ම සිටින Salesforce හි Einstein AI  මගින් ව්‍යාපාර වෙත වඩාත් පුරෝකථනය කළ හැකි, පුද්ගලනුබද්ධ සහ වඩාත් කාර්යක්ෂම තීරණ ගැනීමේ හැකියාව ලබා දෙයි. එහිදී අලෙවි නියෝජිතයන්ට පාරිභෝගික සේවා අවශ්‍යතා මතුවීමට පෙරාතුව ඒවා පිළිබඳව අපේක්ෂාවෙන් සිටීමේ අවස්ථාව උදා කර දෙයි. ඒ අනුව මෙම Einstein AI  සමාගම් වෙත සිය පාරිභෝගිකයන් සමගින් ගනුදෙනු කළ යුතු ආකාරය වෙනස් කරන්නකි.
එසේම කෘත්‍රිම බුද්ධිය සමගින් එකතුවීම මගින් සමාගම් වෙත සිය අවස්ථා හඳුනාගැනීම මෙන්ම අවදානම් මගහැරවීමටද අවස්ථාව හිමි කරදෙයි. උදාහරණයක් ලෙස දුරකතන සන්නිවේදන සේවා සම්පාදන සමාගම් වෙත තම පාරිභෝගිකයන්ට තරගකාරී වෙනත් සමාගම්වලින් එල්ල වන බලපෑම් හඳුනාගැනීම සඳහා පුරෝකථනය කළ හැකි විශ්ලේෂණයක් කිරීමට එය යොදා ගත හැකිය. ඒ හරහා සිය පාරිභෝගිකයන් රඳවා තබා ගැනීමට ගත යුතු පූර්වගාමී ක්‍රියාමාර්ග ගැනීමටද ඔවුන් හැකිවනු ඇත. සිල්ලර අලෙවිකරුවකුට තනි තනි පාරිභෝගිකයන් පදනම් කරගනිමින් සහ ඔවුන්ගේ සෙවුම් සහ මිලදී ගැනීමේ ඉතිහාසයට අනුව ඔවුන්ට ගැළපෙන දීමනා යථාකාලයේදීම ඉදිරිපත් කිරීමේ හැකියාව හිමි වෙයි. ඒ හරහා පාරිභෝගික තෘප්තිය සහ පක්ෂපාතීත්වය තවදුරටත් දියුණු කළ හැකිය.
Salesforce යළිත් පෙන්වා දෙන ආකාරයට කෘත්‍රිම බුද්ධිය විනිවිද පෙනෙන, ආචාරධර්මීය සහ වර්ධනය සඳහා නිර්මාණය කරවූවක් විය යුතු බව පවසයි. එහෙත් එය කිසිදු විටෙකත් මානව තීරණ ගැනීම් වෙනුවට විකල්පයක් නොවිය යුතු බවත් ඔවුන් අවධාරණය කරයි. එහිදී ගෝලීය නවෝත්පාදන දේශීය වෙළෙඳපොළ දර්ශනය සමගින් එකතු කිරීමේදී Salesforce මගින් ශ්‍රී ලාංකික ව්‍යාපාර වෙත වෙනස්වීම් සඳහා යොමුවීමට පමණක් නොව එහි ප්‍රමුඛත්වය ගැනීමටද සහයෝගය දක්වයි. මෙම සම්බන්ධතාව මගින් ඔවුන්ට ඩිජිටල් ආර්ථිකය තුළ වඩාත් තිරසාර සාර්ථකත්වයක් ළගා කරගැනීමට හැකියාව ලැබේ. ඒ හරහා තාක්ෂණය ව්‍යාපාරයේ වර්ධනයට සහ යහපතට දායකත්වය ලබාදීම සුරක්ෂිත කරනු ඇත.


ශ්‍රී ලංකාව සඳහා වන Salesforce හි දායකත්වය


පසුගිය වසර තුනක කාලය පුරා Salesforce ශ්‍රී ලංකාව තුළ වඩාත් ඉහළ ආයෝජනයක් කරමින් අභ්‍යන්තර කණ්ඩායම්, හවුල්කාර පරිසරයන් සහ පාරිභෝගිකයන් බලගැන්වීම් තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වී තිබේ. එහිදී Yarl Dreamin  වැනි ඉසව් හරහා Salesforce Sri Lanka Ohana  ප්‍රජාව පුහුණු කිරීමට කටයුතු කර ඇත.
එසේම ජොන්කීල්ස් සමූහය ඇතුළු විශාල පරිමාණ පාරිභෝගිකයන් දැනටමත් මෙම Salesforce වේදිකා වෙත අනුවර්තනය වෙමින් සිටියි. ඒ අනුව සමාගම මේ වනවිට බැංකු, ආගන්තුකසත්කාරක, දුරකතන සන්නිවේදන, සිල්ලර සහ නිෂ්පාදන යන ඉහළ කාර්යසාධනයක් සහිත කර්මාන්ත වෙත සිය අවධානය දැඩිව යොමු කිරීමටද පියවර ගෙන තිබේ. 
එසේම දිවයින පුරා පිහිටි ව්‍යාපාර සහ ප්‍රජාව බලගන්වන අතරතුරදීම, ප්‍රාදේශීය රජයේ සංවිධාන සමගින් සම්බන්ධ වී ශක්තිමත් උපදේශන හවුල්කාරීත්වය ඉහළ නංවමින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අපේක්ෂා වෙත තවදුරටත් සහාය දැක්වීමත් Salesforce හි අරමුණු අතර පවතී.


ඉදිරිය : ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ අනාගතය


ශ්‍රී ලංකාව තවදුරටත් මෙම ඩිජිටල් ආර්ථිකයේ සංකීර්ණතාව හරහා ගමන් කරන අවස්ථාවේදී එහි අනාගත වර්ධනයේ මූලික කරුණක් ලෙස ඩිජිටල් පරිවර්තනය හඳුනාගෙන තිබේ. එහිදී සාර්ථකත්වය රඳා පවතින්නේ නවතම තාක්ෂණය යොදා ගැනීම මත පමණක් නොවෙයි. එම තාක්ෂණය වඩාත් වගකීම්සහගතව, සියල්ල එකට එක්වූ සහ දේශීය අදාළත්වයක් සහිතව යොදා ගැනීම සුරක්ෂිත කළ යුතුව ඇත. ටෙලිමෙඩිසින් තාක්ෂණය හරහා සෞඛ්‍ය සේවා දියුණු කිරීම මෙන්ම වඩාත් පුද්ගලානුබද්ධ වූ අධ්‍යාපනයක් ඇති කිරීමට, දත්ත පදනම් කරගත් ඉගෙනුමක් ඇති කිරීමට ඉ-වානිජ්‍ය සහ ඩිජිටල් ගෙවීම් බලගැන්වීම හරහා හිමිවන අවස්ථා අතිමහත්ය.
මෙහිදී වඩාත් වැදගත් වන්නේ දේශීය අපේක්ෂා වෙත ගැළපෙන ගෝලීය නවෝත්පාදන සහිත පරිසරයක් ගොඩනැගීමයි. එය විශ්වාසවන්ත, ජනතාව බලගන්වන සහ තිරසාරත්ව ප්‍රගතියක් වෙත යොමු කරවන්නක් විය යුතුය. එසේම එය තාක්ෂණයේ, දක්ෂතාවේ සහ හවුල්කාරීත්වයේ නිසි එකතුවක් ලෙස පැවතීමත් වැදගත් වෙයි. 
විශේෂයෙන්ම තාක්ෂණය හරහා ව්‍යාපාර මෙන්ම සමාජයත් පරිවර්තනයට ලක් කළ හැකි අවස්ථා පිළිබඳ වඩාත් බලසම්පන්න උදාහරණ රැසක් සමගින්, කලාපය තුළ ඩිජිටල් ප්‍රමුඛයකු ලෙස ඉහළට ඒමට ශ්‍රී ලංකාවට විශාල හැකියාවක් පවතී.



අදහස් (0)

ඩිජිටල් යුගයේ තරග කිරීමට ලාංකික ව්‍යාපාර ශක්තිමත් කිරීම

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site