වමේ සිට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම, Dialog Enterprise හි සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරිස්,Singer Sri Lanka PLC හි අලෙවි අධ්‍යක්ෂ ජන්මේෂ් ඇන්තනී සහ Singer Sri Lanka PLC හි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන යන මහත්වරු
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරා පිහිටි Singer Sri Lanka ප්‍රදර්ශනාගාර 420 කට අධික ගණනකදී, Dialog Pay හරහා සුරක්ෂිතව හා පහසුවෙන් ඩිජිටල් ගෙවීම් කිරීමේ හැකියාව පාරිභෝගිකයන්ට උදාකර දී ඇති බව සතුටින් දැනුම් දෙයි.
145 වසරක් පුරා, වසරක් පාසා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලංකීය පාරිභෝගිකයන්ගේ නිවාස හා කාර්යාල සඳහා විදුලි උපකරණ, ගෘහ උපකරණ, ගෘහ භාණ්ඩ හා මුළුතැන්ගෙහි උපකරණ මෙන්ම කෘෂි කාර්මික උපකරණ පිරිනමන, Singer Sri Lanka සිය විශිෂ්ට සේවාව හරහා පාරිභෝගික හද බැඳගත්, මෙරට ප්‍රමුඛ පෙළේ සන්නාමයකි. එම සන්නාමය මෙලෙස Dialog Pay හා අත්වැල් බැඳගැනීමෙන්, පාරිභෝගිකයින්ට දැන් සිංගර් ප්‍රදර්ශනාගාරවලදී LankaQR කේතය Scan කර, පහසුවෙන්ම ගෙවීමේ හැකියාව පවතින අතර, එම ගෙවීම් සඳහා ඩයලොග් වෙතින් නොමිලේ Data වාසිද හිමි වේ.
මෙම සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින්, Singer සමූහ ව්‍යාපාරයේ, සමූහ කළමනාකාර අධ්‍යක්ෂ, මහේෂ් විජේවර්ධන මහතා මෙලෙස අදහස් දැක්විය. ”සිංගර් හි අප සිදු කරන සෑම කටයුත්තකදීම මුල්තැන දෙන්නේ, පාරිභෝගික පහසුව සහ නවෝත්පාදනය සඳහායි. Dialog Pay සමග ඇති කරගත් මෙම සහයෝගිතාවෙන් තහවුරු වන්නේ, අපගේ දිවයින පුරා පැතිරුණු ප්‍රදර්ශනාගාර ජාලය තුළදී, පාරිභෝගිකයන්ට කිසිදු බාධාවකින් තොර, සුරක්ෂිත ගෙවීම් අත්දැකීමක් මෙන්ම, ඔවුන්ට වාසිදායක අත්දැකීමක් ලබාදීමට අප තුළ පවතින කැපවීමයි. වේගවත් ඩිජිටල්කරණය කරා අප පියනගන මේ යුගයේ, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට සහයෝගය දක්වමින්, ජනතාවගේ එදිනෙදා භාණ්ඩ මිලදී ගැනීමේ අත්දැකීම වඩාත් පහසු කිරීම සඳහා ඩයලොග් සමාගම සමග එක්වීමට ලැබීම අපට සතුටට කාරණයක්.”
MyDialog App සමග ඒකාබද්ධ කර ඇති Dialog Pay මගින් ශ්‍රී ලංකාවේ දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් එක්කරමින්, සෑම ශ්‍රී ලාංකිකයකුගේම ඩිජිටල් ගෙවිම් සරල හා පහසු මෙන්ම ඔවුන්ට වාසිද හිමි ගනුදෙනු බවට පත් කිරීම ඩයලොග් හි අරමුණයි. පාරිභෝගිකයන්ට දැන් Dialog Pay App iy MyDialog App හරහා තම eZ Cash ගිණුම භාවිත කර හෝ තමන් කැමැති බැංකු ගිණුමක් ඊට එක් කිරීමෙන්, ඉතා පහසුවෙන් Dialog Pay භාවිත කළ හැක. එමගින්, LankaQR හරහා මුදල් ගෙවීමද, වෙනත් ගිණුමකට මුදල් යැවීමද පහසුවෙන්ම කළ හැකිය. එමෙන්ම, ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමේ පහසුවත් මෙමගින් සලසා දී ඇති අතර, Dialog Finance මගින් ණය පහසුකම් ලබාගැනීමටද මෙය භාවිත කළ හැක.
රට පුරාම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙඳසල් 100,000කට අධික ගණනකදී ඉතා ආරක්ෂිතව, වඩාත් පහසුවෙන් LankaQR ගෙවීම් කිරීමේ හැකියාව පිරිනමන Dialog Pay සමගින් පාරිභෝගිකයන්ට, පහසුවෙන්ම ඩිජිටල් ගනුදෙනු කර, ඩයලොග් වෙතින් Data වාසිද ද අත්විඳිය හැක. ඩිජිටල් ගෙවීම්, එදිනෙදා පුරුද්දක් බවට පත් කිරීම සඳහා එලෙසින් ජනතාව දිරිගන්වනDialog Pay , සියලු දෙනා ඇතුළත් කරගනිමින්, ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමටද මග සකසයි.
ඩිජිටල් ගනුදෙනුවලට Dialog Pay සමගින් Singer Sri Lanka එක්වෙයි