IMG-LOGO

2026 ජුනි මස 21 වන ඉරිදා


ඩිජිටල් ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ඩිජිටල් ආර්ථික පනත් කෙටුම්පතක්

නිමල කොඩිතුවක්කු 


ඩිජිටල් සංවර්ධනය සහ ඩිජිටල් ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ඩිජිටල් ආර්ථික පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ජාතික ඩිජිටල් ප්‍රතිපත්තිය සහ මාර්ගෝපදේශ ඵලදායීව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා නීතිමය බලතල සහිත ආයතන රාමුවක් අත්‍යවශ්‍ය වේ. ප්‍රතිපත්ති සම්පාදනය, තාක්ෂණය ක්‍රියාත්මක කිරීම, මෙහෙයුම් නියාමනය කිරීම සහ බලාත්මක කිරීම යන ක්ෂේත්‍ර සඳහා එම ආයතනික රාමුව වෙත ගුණාත්මක මානව ප්‍රාග්ධනය ආකර්ශනය කර ගත යුතු වේ. ශක්තිමත් ආයතනික රාමුවක් සකස් කිරීමේදී පෞද්ගලික අංශයේ අඛණ්ඩ සහභාගීත්වය ද සලකා බැලිය යුතු අතර, එමගින් කෘත්‍රිම බුද්ධි සංවර්ධනය සහ එයට අදාළ ක්‍රියාකාරකම් සඳහා සහාය ඇතුළු ඩිජිටල් නවෝත්පාදනයේ නව ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද හඳුනාගනු ලැබ තිබේ. 
එකී කරුණු සැලකිල්ලට ගනිමින් නව ආයතනික රාමුවක් ස්ථාපිත කිරීම සඳහා වූ ඩිජිටල් ආර්ථික පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් සකස් කරනු ලැබ ඇත. ඒ අනුව, එකී සංකල්ප පත්‍රිකාව මත පදනම්ව ඩිජිටල් ආර්ථික පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ඩිජිටල් ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ඩිජිටල් ආර්ථික පනත් කෙටුම්පතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site