IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඩකා ගුවන් තොටුපොළේ ශ්‍රී ලංකන් බිම් මෙහෙවර කොන්ත්‍රාත්තුව තවත් වසර 3ක් Biman සමාගමටම


නිමල කොඩිතුවක්කු


බංග්ලාදේශයේ ඩකා ගුවන් තොටුපොළේ දී සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ඩකා ගුවන්තොටුපොළේදී බිම් මෙහෙවර සේවා සැපයීම එහි සිටින එකම සේවා සැපයුම්කරු වන Biman Bangladesh Airlines Limited  විසින් සිදු කරනු ලබන අතර, එම කොන්ත්‍රාත්තුවේ කාල සීමාව 2025-09-30 දිනෙන් අවසන් වීමට නියමිතය.

එකී කොන්ත්‍රාත්තුව දීර්ඝ කර ගැනීම පිණිස එම සමාගම වෙතින් යෝජනාවක් ලබා ගෙන ඇත. ලංසු ඇගයීමේ කමිටුව සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් එකී යෝජනාව ඇගයීමෙන් අනතුරුව, ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව 2025-10-01 සිට 2028 -09-30 දක්වා වන වසර 3 ක කාලසීමාව සඳහා අදාළ කොන්ත්‍රාත්තුව එම සමාගම වෙත පිරිනැමීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.



අදහස් (0)

ඩකා ගුවන් තොටුපොළේ ශ්‍රී ලංකන් බිම් මෙහෙවර කොන්ත්‍රාත්තුව තවත් වසර 3ක් Biman සමාගමටම

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site