IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


ඩො.මි. 3.98 ක සෞඛ්‍ය කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ M/s M.J. Biopharm සමාගමට

නිමල කොඩිතුවක්කු


 බයිෆෙසික් අයිසොෆෙන් ඉන්සියුලින් එන්නත් (මිනිස්) සියයට 30 ද්‍රාව්‍ය සියයට 70 අයිසොෆෙන් වයල් 2,200,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධයක් වන බයිෆෙසික් අයිසොෆෙන් ඉන්සියුලින් එන්නත (මිනිස්) සියයට 30 ද්‍රාව්‍ය සියයට 70 අයිසොපේන් එන්නත් වයල් 2,200,000 ක් ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබේ.
මේ සඳහා ලංසු දෙකක් ලැබී ඇත. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව මෙම ඉන්සියුලින් එන්නත් ( මිනිස්) සියයට 30 ද්‍රාව්‍ය සියයට 70 අයිසොෆෙන් වයල් 2,200,000 ක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අවම ලංසුකරු වන ඉන්දියාවේ M/s M.J. Biopharm Pvt. Ltd. වෙත ඇමෙරිකා ඩොලර් මිලියන 3.98 ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

 



අදහස් (0)

ඩො.මි. 3.98 ක සෞඛ්‍ය කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ M/s M.J. Biopharm සමාගමට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site