IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප්ගේ තීරු බද්ද සාකච්ඡාවට නියෝජිත පිරිසක් මෙම සතියේදී ඇමරිකාවට

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “අන්‍යෝන්‍ය බදු ක්‍රමය”‍ යටතේ ශ්‍රී ලංකා අපනයන සඳහා පැනවූ සියයට 44 ක ඉහළ තීරු බද්ද පිළිබඳව සෘජුව සාකච්ඡා කිරීමට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් මෙම සතියේදී ඇමෙරිකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ තවමත් සංචාරය කරන කණ්ඩායමේ අවසන් සංයුතිය පිළිබඳව තීරණයකට පැමිණ නැති වුවත් මෙම සතියේදී එම නියෝජිත පිරිස ඇමෙරිකාව බලා පිටත්වීමට නියමිත බවයි. නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවේ ගැටලු‍ව සෘජුව ඇමෙරිකානු පාර්ශ්වය වෙත ඉදිරිපත් කරනු ඇති බවද ඔහු පැවැසුවේය.

 



අදහස් (0)

ට්‍රම්ප්ගේ තීරු බද්ද සාකච්ඡාවට නියෝජිත පිරිසක් මෙම සතියේදී ඇමරිකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site