IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමට ප්‍රමිති සම්මානයක්

සුජිත් හේවාජුලිගේ
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය  (SLSI)  විසින් සංවිධාන කෙරුණු ශ්‍රී ලංකා ජාතික තත්ව සම්මාන උළෙල (SLNQA) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පසුගිය 11 වැනිදා මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.
එල්ටීඑල් (LTL)  ට්‍රාන්ස්ෆෝමර්ස් (පුද්.) සමාගම නිෂ්පාදන (මධ්‍යම) කාණ්ඩය යටතේ එහිදි විශේෂ සම්මානයට පාත්‍රවිය
ශ්‍රී ලංකා ජාතික තත්ව සම්මාන යනු ගෝලීය වශයෙන් පිළිගත් එක්සත් ජනපදයේ මැල්කම් බෝල්ඩ්‍රිජ් ජාතික තත්ව සම්මාන (MBNQA) රාමුවට අනුකූලව සංවිධානාත්මක විශිෂ්ටත්වය උදෙසා ප්‍රදානය කරනු ලබන මෙරට ඉහළම ඇගයීමයි.
මෙම සුවිශේෂී ඇගයීම පිළිබඳව අදහස් දක්වමින්  LTL  ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුක්ෂික පත්බේරිය මහතා පැවසුවේ මෙම සම්මානයෙන් විශිෂ්ටත්වය සහ පාරිභෝගික විශ්වාසය සඳහා තම කණ්ඩායමේ කැපවීම පිළිබිඹු කෙරෙන බවයි. ඡායාරූපයේ දැක්වෙන්නේ එම සම්මානය ලබා ගත් අවස්ථාවයි.

 



අදහස් (0)

ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමට ප්‍රමිති සම්මානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site