වාහන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සඳහා වූ ප්‍රමුඛ නාමයක් වන ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම, සිය 30 වැනි සංවත්සරය සමරමින් Toyota LIFE Grand Reveal උළෙලේදී 2025 ටොයෝටා නවතම වාහන පෙළ නිල වශයෙන් එළිදැක්වීය. මෙම සුවිශේෂ අවස්ථාව කොළඹ Monarch Imperial හිදී පසුගියදා පැවැත්වුණු අතර, ව්‍යාපාරික හවුල්කරුවන් සහ කර්මාන්ත නායකයන් ඇතුළු පුද්ගලයන් 600කට වඩා වැඩි පිරිසක් මේ සඳහා එක් වූහ.
සැමදෙනා නොඉවසිල්ලෙන් බලාසිටි නවතම ටොයෝටා මාදිලි 21ක් ඇතුළත් මෝටර් රථ පෙළ හඳුන්වාදීම මෙම උත්සවයේ විශේෂතම අවස්ථාව වූ අතර මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුකරන ලද විශාලතම වාහන එළිදැක්වීමයි. පැමිණ සිටි සැමට මෙම නවීන වාහන දැකබලා ඒවායේ පහසුකම් අත්වින්දීමටද මෙහිදී අවස්ථාව හිමිවිය. ශ්‍රී ලංකාවේ ගමනාගමනයේ අනාගතය හැඩගැස්වීමට සමාගම දරන උත්සාහය මෙයින් මනාවට විදහා දැක්විණි. මෙරට නවතම ටොයෝටා වාහන බෙදාහැරීමේ බලයලත් එකම නියෝජිතයා ලෙස, නවීන හා තිරසාර ගමනාගමන විසඳුම් හරහා ජනතාවගේ දෛනික ජීවිතය වඩාත් පහසු කරමින් “Happiness for All” යන ටොයෝටා හි මෙහෙවර සැබෑ කිරීමට ටොයෝටා ලංකා සමාගම කැපවී සිටී. මෙම උත්සවයට, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata මහතා, Toyota Motor Asia හි විධායක උපසභාපති Kazunari Iguchi මහතා, Toyota Tsusho Corporation හි අංශ ප්‍රධාන විධායක නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී Shigeru Harada මහතා, සහ Toyota Tsusho Asia Pacific හි ආසියානු කලාපීය අංශ ප්‍රධානී Akio Ogawa මහතා ඇතුළු ජපන් නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.
උත්සවයේදී සිය අදහස් දක්වමින් Akio Isomata මහතා මෙසේ පැවසීය: “පසුගිය වසර 30 පුරා, ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයකු ලෙස රටේ සමාජ ආර්ථික සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට ටොයෝටා ලංකා සමාගම හට හැකිවී තිබෙනවා. තවද සිය දීපව්‍යාප්ත 20කට අධික ශාඛා ජාලය හරහා කුසලතා වැඩි දියුණු කිරීමට සහ ව්‍යාපාර කළමනාකරණය සඳහා Kaizen දර්ශනය සහ තවත් නවීන ක්‍රමෝපාය ද හඳුන්වාදීමට ඔවුන් කටයුතු කළා. මෙම උත්සාහයෙන් සිය නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමටත්, කළමනාකරණ පිළිවෙත් ශක්තිමත් කරමින්, ශිල්පීය හැකියාව සහ ව්‍යවසායකත්වය පෝෂණය කිරීමටත් ටොයෝටා ලංකා සමාගම සමත් වෙලා තියෙනවා.”
Toyota Motor Asia හි විධායක උපසභාපති Kazunari Iguchi මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය. “ටොයෝටා හි අපගේ අරමුණ වන්නේ දෛනික ජීවිතය පහසු කිරීමට නව්‍ය හා තිරසාර ගමනාගමන විසඳුම් හඳුන්වා දීමයි. තවද ඕනෑම වෙළඳපොළකට සරිලන අයුරින් ආරක්‍ෂිත සහ සුවපහසු වාහන ලබාදීමට ටොයෝටා අඛණ්ඩව කැපවී සිටිනවා.” අභියෝගාත්මක තත්වය හමුවේ වුවද ගුණාත්මකභාවය පවත්වා ගැනීමට ටොයෝටා ලංකා සමාගම දක්වන කැපවීම ඔහු වැඩිදුරටත් අවධාරණය කළ අතර, Customer Delight Excellence Award (CDEA) කිහිප වතාවක් දිනා ගැනීමෙන් එහි විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව ද ඔහු ඉස්මතු කළේය.
Toyota Tsusho Corporation හි අංශ ප්‍රධාන විධායක නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී Shigeru Harada මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය: “වාහනවල පහසුකම් අඛණ්ඩව වැඩිදියුණු කරමින් මිනිසුන්ට සහ සමාජයට ප්‍රීතිමත් ගමනාගමන අත්දැකීමක් ලබාදීමට ටොයෝටා නිරන්තරයෙන් කටයුතු කරනවා. එපමණක් නොව ව්‍යාපාරික සහ පුද්ගලික යන අවශ්‍යතා දෙකටම සරිලන ආරක්‍ෂිත සහ සුවපහසු විසඳුම් ලබාදීමටත් Toyota Tsusho සහ ටොයෝටා ලංකා සමාගම වන අපි කැපවෙලා සිටිනවා.”
මීට අමතරව, ටොයෝටා ලංකා සමාගමේ සභාපති Sachio Yotsukura මහතා, ලාංකික ජනතාවට සතුටින් ගමන් බිමන් යාමට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදෙන එකම ගමනාගමන සහකරු වීමේ සමාගමේ දැක්මද මෙහිදී අවධාරණය කරන ලදී.
ටොයොටා ලංකා 2025 නවතම වාහන පෙළ Toyota LIFE Grand Reveal හිදී එළිදක්වයි