IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


ටොටාචි බෙදාහැරීම් සමුළුව 2025 සාර්ථකව මෙරටදී පැවැත්වෙයි

ලොව ප්‍රකට ජපාන ලිහිසි තෙල් සහ ඔටෝමෝටිව් විසඳුම් සම්පාදන සමාගමක් වන ටොටාචි ඉන්ඩස්ට්‍රියල් පෞද්ගලික සමාගම පසුගියදා සිය බෙදාහැරීම් සමුළුව 2025 සාර්ථක ලෙස ශ්‍රී ලංකාවේදී පැවැත්වූ බව පවසයි. දින හතරක් පුරා පැවැත් වුණු මෙම සමුළුව සඳහා රටවල් 50 කට අධික සංඛ්‍යාවක හවුල්කරුවන් එකට එකතු වූ බවත් එම සමාගම සදහන් කරයි. 
පසුගිය ජූනි 10 වැනිදා සිට 13 දක්වා පැවැත් වුණූ මෙම සමුළුවේ ආරම්භය කොළඹ සිනමන් ලයිෆ් සිටි ඔෆ් ඩ්‍රීම්ස් හෝටලයේදී සංවිධානය වී තිබේ. මෙහිදී නව අදහස්, නවෝත්පාදන හුවමාරු කරගැනීම සිදුකර ඇත. 
අනතුරුව හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේදීද කතිකාවත්, කණ්ඩායම් ගොඩනැගීම් සහ උපයමාර්ගික සැලසුම් යනාදිය පිළිබඳ වැඩසටහන් පවත්වා තිබේ. මෙම සමුළුව හරහා ටොටාචි හි ගෝලීය සන්නාම පියසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීම සහ බෙදාහැරීම් සහයෝගය ලබා ගැනීම අරමුණ වූ බව සමාගම පවසයි. 



අදහස් (0)

ටොටාචි බෙදාහැරීම් සමුළුව 2025 සාර්ථකව මෙරටදී පැවැත්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site