IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


ටී. සෙන්තිල්වර්ල් සැම්සන් ඉන්ටර්නැෂනල්හි සියයට 11.81 ක කොටසක් විකුණයි

මෙරට ප්‍රමුඛතම ආයෝජන සමාගමක් වන සෙන්තිල්වර්ල් හෝල්ඩින්ග්ස් (පෞද්) සමාගම සතුව තිබූ සැම්සන් ඉන්ටර්නැෂනල් පීඑල්සී කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 500,000 ක් එනම් සියයට 11.81ක් අලෙවි කර ඇතැයි පවසයි. 


ඒ අනුව සම්පත් බැංකුව සහ සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් අතර පවත්වාගෙන ගිය ගිණුමක් සතුව පැවැති කොටස් 500,000 ක් මෙලෙස අලෙවි කර තිබේ. ඒ අතරින් කොටස් 194,000 ක් (4.58%ක්) ජී.බී.ඩී. තිලකරත්න නමැත්තෙකු මිලදී ගෙන ඇති අතර, ඉතිරි කොටස් 306,000 (7.23%ක්) වෙළෙඳපොළ වෙත අලෙවි කර තිබේ.  


2025 දෙසැම්බර් 31 වැනිදා වනවිට සැම්සන් ඉන්ටර්නැෂනල් පීඑල්සී කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 1,252,151ක් එනම් සියයට 29.58ක් සම්පත් බැංකුව සහ සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් අතර පවතින ගිණුමට හිමිව තිබුණි. 



අදහස් (0)

ටී. සෙන්තිල්වර්ල් සැම්සන් ඉන්ටර්නැෂනල්හි සියයට 11.81 ක කොටසක් විකුණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site