ඊස්වරන් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන ටී-ප්‍රින්ට් (පුද්.) සමාගම, විශ්වාසය, සහයෝගීතාව සහ සේවක යහපැවැත්ම මත ගොඩනගා ඇති සේවා ස්ථාන සංස්කෘති සමරන සහ ගෝලීය වශයෙන් පිළිගත් ගෞරවයක් වන Great Place to Work® හෙවත්, ‘රැකියා කිරීමට සුදුසු විශිෂ්ට ස්ථානයක්’ බවට නිල වශයෙන් සහතික කර තිබේ.
Great Place to Work® විසින් පිරිනමනු ලබන මෙම සහතිකය, ආයතනය පිළිබඳව සේවකයන්ගේ සෘජු අදහස් සහ ප්‍රතිචාර මත පදනම් වන අතර, එය ධනාත්මක, සහ ඉහළ කාර්යසාධනයක් සහිත වැඩ පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ටී-ප්‍රින්ට් සමාගමේ කාර්ය මණ්ඩලයෙ හි කැපවීම පිළිබිඹු කරයි.
මේ උද්යෝගිමත් කණ්ඩායමේ කොටසක් වන්නට ලැබීම සැබවින්ම විශිෂ්ට අත්දැකීමක්. මෙම ආයතනය මගින් සේවකයන් වෙනුවෙන් සකසා දී තිබෙන කාර්යාල පරිසරය අපගේ වෘත්තීය ජීවිතයේදී දැඩි ආශාවකින් වැඩ කිරීමටත් වෘත්තීය ගමන් මඟේ තව තවත් ඉහළට යෑමටත් අපව දිරිමත් කරන හොඳම තෝතැන්නක්.”
ටී-ප්‍රින්ට් සමාගමේ සේවකයකු පැවසීය.
ඊස්වරන් සමූහයේ මානව සම්පත් සහ නීති අංශ ප්‍රධානී නිමාලි සෙනෙවිරත්න මහත්මිය පවසා සිටියේ, “ටී-ප්‍රින්ට් හි, වටිනාම වත්කම වන්නේ අපගේ සේවක මණ්ඩලය යි. අපගේ කාර්යාල සංස්කෘතිය, ආයතනය පිළිබඳ සේවකයන් තුළ වූ විශ්වාසය, සැලකිලිමත් සහගත බව සහ සමාගමේ පොදු අරමුණු මත ගොඩනැඟී තිබෙන්නක්. නවෝත්පාදන උදෙසා සේවකයන් දිරිමත් කිරීම, සහයෝගයෙන් කටයුතු කිරීමට සහ වර්ධනය වීමට අවස්ථාව ලබා දෙන සේවා ස්ථානයක් නිර්මාණය කිරීමට අප සෑම දිනකම උත්සාහ කරනවා. සතුටින් සිටින සේවකයන් සැබවින්ම විශිෂ්ට සේවා ස්ථානයක් නිර්මාණය කරන බව අප මේ ජයග්‍රහණයෙන් ඔප්පු කර තිබෙනවා.”
Great Place to Work® වෙතින් ඇගයිමට ලක්වීම, සමස්ත සංවිධානයට ම ආඩම්බරයක්. මෙම ජයග්‍රහණයෙන් අපගේ මෙහෙයුම් සහ සේවක කණ්ඩායමේ ශක්තිමත් වටිනාකම් පද්ධතිය පිළිබිඹු කෙරෙනවා. කුසලතා, සාධාරණත්වය සහ එකිනෙකා කෙරෙහි ඇති ගෞරවය මුල් කරගත් සංස්කෘතියක් ආයතනය තුළ ඇති කිරීම වෙනුවෙන් ගන්නා වූ අපිරිමිත උත්සාහයට අපගේ මානව සම්පත් කණ්ඩායමට මා ස්තුතිවන්ත වනවා- අපගේ විශිෂ්ටත්වයේ ප්‍රමිති ඉදිරියට ගෙන යමින් ආයතනයක් ලෙස තවදුරටත් වර්ධනය වීමට අප බලාපොරොත්තු වනවා.”
ටී-ප්‍රින්ට් සමාගමට Great Place to Work®ඇගයීම