IMG-LOGO

2026 අගෝස්තු මස 29 වන සෙනසුරාදා


ජූලි මාසයේ සංචාරක ආදායම ඩොලර් මිලියන 33කින් පහළට

 

  • ජනවාරි සිට ලි දක්වා සංචාරක කර්මාන්තයේ ආදායම ඩොලර් මිලියන 1,796.7 ක් 
  • 2025 මුල් මාස හත හා සැසඳීමේදී ආදායමේ සියයට 11.5 ක පහත වැටීමක්

මේ වසරේ ජූලි මාසයේදී මෙරට සංචාරක කර්මාන්තය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 285.5 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 ජූලි මාසයේ හිමි වූ ඩොලර් මිලියන 318.5 ක ආදායම හා සැසඳීමේදී සියයට 10.3 ක අඩුවීමකි. 2025 ජූලි මාසයේදී සංචාරකයන් 200,244ක් පැමිණ ඇති අතර, 2026 ජූලි මාසයේදී එම පැමිණීම් 196,845ක් දක්වා පහත වැටී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කළ ආසන්නතම සතිපතා ආර්ථික දර්ශකය තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ.

මේ අතර, 2026 වසරේ ජනවාරි සිට ජූලි දක්වා මුල් මාස හතේදී මෙරට සංචාරක ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,796.7 ක් ලෙස සටහන්ව තිබේ. එම කාලසීමාවේදී පැමිණි සංචාරකයන් 1,343,418ක් හරහා එම ආදායම ලැබී තිබේ. කෙසේ වෙතත් මෙය 2025 ජනවාරි සිට ජූලි දක්වා හිමි වූ ඩොලර් මිලියන 2,031.1 ක සංචාරක ආදායම හා සැසඳීමේදී සියයට 11.5 ක අඩුවීමක් ලෙස සටහන්ව ඇත. එම වසරේ අදාළ කාලසීමාවේදී මෙරට වෙත පැමිණි සංචාරකයන් 1,368,288ක් හරහා එම ආදායම ලැබී තිබේ.



අදහස් (0)

ජූලි මාසයේ සංචාරක ආදායම ඩොලර් මිලියන 33කින් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site