IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ජර්මන් සංචාරකයන් අතර මෙරට ආයුර්වේදයට වැඩි කැමැත්තක්

  • වසරේ මුල් මාස 6ට සෞඛ්‍ය/ ආයුර්වේද සේවා සඳහා ජර්මානුවන් 3,594ක් ඇවිත්

භානුක අමරසිංහ

මෙරට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය/ ආයුර්වේද සේවා ලබාගැනීම සඳහා මේ වසරේ පළමු මාස හය තුළදී මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 6,749ක් ලෙස සටහන්ව තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය මගින් මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලය සඳහා ඉදිරිපත් කළ විවරණ වාර්තාව තුළ මේ බව සටහන්ව තිබේ. 

ඒ අතරින් සෞඛ්‍ය/ ආයුර්වේද සේවා ලබාගැනීමට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ජර්මනියෙන් වන අතර එය සංචාරකයන් 3,594 කි. ඒ අනුව මෙරට තුළ වැඩිම කාලයක් රැඳී සිටින සහ වැඩි මුදලක් වියදම් කරන සංචාරකයන් පිරිසක් ලෙස ද මෙම ජර්මානු සංචාරකයන් හඳුනාගෙන තිබෙන බව එම අධිකාරිය සඳහන් කරයි. 
මෙලෙස සෞඛ්‍ය/ ආයුර්වේද සේවාවන් වෙනුවෙන් මෙරට වෙත දෙවැනියට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙනි. එය සංචාරකයන් 126ක් වෙයි. එසේම ප්‍රංශයෙන් සංචාරකයන් 113ක්ද, එක්සත් ජනපදයෙන් සහ රුසියාවෙන් පිළිවෙළින් සංචාරකයන් 92ක් බැගින් සහ ඔස්ට්‍රේලියාවෙන් 80ක් පැමිණ තිබේ. නෙදර්ලන්තයෙන් පැමිණි පිරිස 71 කි. ඉන්දියාවෙන් සහ චීනයෙන් පැමිණ ඇති පිරිස පිළිවෙළින් 24ක් සහ 11 කි. 
2024 වසරේදීද ජර්මානු සංචාරකයන් වැඩි පිරිසක් මෙම ආයුර්වේද සේවා ලබාගැනීම සඳහා පැමිණ ඇති අතර, එය 4,702 කි.



අදහස් (0)

ජර්මන් සංචාරකයන් අතර මෙරට ආයුර්වේදයට වැඩි කැමැත්තක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site