IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


ජෝර්ජ් ස්ටුවර්ට් HVA Foods හි කොටස් සියයට 10ක් අලෙවි කරයි

භානුක අමරසිංහ


සුප්‍රසිද්ධ Heladiv තේ සන්නාමය හිමිHVA Foods PLCසමාගමේ වැඩිම කොටස් හිමිකරුවා වන ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම එම කොටස් අතරින් කොටස් 25,000‍,000 ක් අලෙවි කර ඇතැයි පවසයි. මෙය එම සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින්  සියයට 10.22 ක ප්‍රතිශතයකි. පසුගිය ජුනි 11 වැනිදා වෙළෙඳ පොළ ගනුදෙනු කිහිපයක් යටතේ මෙම අලෙවිය සිදු කර තිබේ.
HVA Foods PLC සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත අනාවරණය කරන ආකාරයට අවස්ථා 06කදී මෙම කොටස් අලෙවි කිරිම  කර ඇති අතර, කොටසක් රුපියල් 3.60ත් 4.00ත් අතර මුදලකට මෙම ගනුදෙනු සිදුව තිබේ. ඒ අනුව මෙලෙස අලෙවි කළ සමස්ත කොටස්වල වටිනාකම රුපියල් මිලියන 94කට ආසන්න අගයක් ගනී.
මෙහිදී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිව් දෙනකු සතුව තිබූ කොටස් මෙලෙස අලෙවි කර තිබේ. ඒ අනුව සමන්ත රණතුංග, දේවක කුරේ, සර්ව අමරසේකර සහ වරුණි ප්‍රනාන්දු එම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ වෙති. ඔවුන් ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේද කටයුතු කරයි.



අදහස් (0)

ජෝර්ජ් ස්ටුවර්ට් HVA Foods හි කොටස් සියයට 10ක් අලෙවි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site