නොවැම්බර් 14, ලෝක දියවැඩියා දිනයයි. ලොව පුරා දියවැඩියා රෝගය ශීඝ්‍රයෙන් ඉහළ යෑම වැළැක්වීම සඳහා දැනුවත් කිරීම අරමුණු කරගෙන ලෝක දියවැඩියා සම්මේලනය (IDF) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) 1991 දී ලෝක දියවැඩියා දිනය ප්‍රකාශයට පත්කර ඇත. මෙවර 2025 ලෝක දියවැඩියා දිනයෙහි තේමාව වන්නේ දියවැඩියාව සහ යහපැවැත්ම යන්නයි.
දියවැඩියාව පාලනය කළ හැකිය. එමෙන්ම වළක්වාගත හැකිය. ඉන් ඔබ්බට දියවැඩියාව සාමාන්‍යකරණය කළ හැකිය. දැනටමත් ඔබට දියවැඩියාව වැළඳී ඇත්නම් ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කළ ආකාරයට ඖෂධ නිසි ලෙස භාවිත කිරීම, නිසි පරිදි සුදුසු ආහාර භාවිතය, නිසි පරිදි ව්‍යායාම කිරීම හා දියවැඩියාව පාලනයට සුදුසු ආහාර අතිරේකයක් ගැනීමත් සිදු කළ හැකිය. ඒ වගේම ඔබට දියවැඩියාව වැළඳී නැතත් ඉදිරියේ දී දියවැඩියාවට ගොදුරු නොවන්නට එදිනෙදා ජීවිතයේ දී අපට කළ හැකි දෑ බොහෝමයක් ඇත. දියවැඩියාව සඳහා ලොව පුරා විවිධ ඖෂධ භාවිත කරන අතර වර්තමානයේ ශාකසාර ඖෂධ කෙරෙහි විශේෂ නැඹුරුවක් දක්නට ලැබේ. එවන් මහඟු ශාකසාර ඖෂධයකි ජින්සෙන්. වසර 5000කට පෙර චීනයේ දී හඳුනාගැනුණු ජින්සෙන් ශාකසාරයෙහි ගුණය ශරීරයේ ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය ඉහළ දමමින් රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම පාලනය කර එහි පරිභෝජනයද ඉහළ දැමීමට විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි. මෙහි දී, ජින්සෙන් තුළ අඩංගු ජින්සෙනෝසයිඞ් ක්‍රියාකාරී සංඝටකය මඟින් දියවැඩියාව පාලනයට දායකත්වය සපයන ආකාරය විද්‍යාත්මක පර්යේෂණ මඟින් සනාථව ඇත.
ජින්සෙන් අක්මාව තුළ ග්ලූකෝස් නිපදවීම අඩු කිරීමටත්, අග්න්‍යාසය තුළ ඉන්සියුලින් ප්‍රතිරෝධකතාව අඩු කිරීමටත් උපකාරී වේ. එසේම නියම කොරියන් පැනැක්ස් ජින්සෙන් අන්ත්‍රවලට ග්ලූකෝස් අවශෝෂණය කරගැනීම පාලනය කරන අතර මේද පටක හා මාංශ පටකවල ඉන්සියුලින් ප්‍රතිරෝධතාව අඩු කරමින් හා ග්ලූකෝස් පරිභෝජනය වැඩි කිරීමට ද සමත් වේ. මාංශ පේශීවල ග්ලූකෝස් පරිභෝජනය ඉහළ දැමීමට ද ජින්සෙන්වලට විශේෂ හැකියාවක් ඇත.
මෙවන් මහඟු ගුණ ඇති නියම කොරියන් පැනැක්ස් ජින්සෙන් ශ්‍රී ලංකාවේ අපට ද භාවිත කිරීමේ අවස්ථාව උදා වී තිබීම ද භාග්‍යයකි. ඒ මෙගා ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් නියම කොරියන් පැනැක්ස් ජින්සෙන් අඩංගු ජින්සොමින් නිසාවෙනි. ලොව වටා මිලියන ගණනකගේ විශ්වාසය දිනූ නියම කොරියන් පැනැක්ස් ජින්සෙන් අඩංගු ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළෙහි ඇති ප්‍රථම හා ප්‍රමුඛ නිෂ්පාදනය ජින්සොමින් පමණක් වන අතර ජින්සොමින් දියවැඩියා රෝගීන් මුහුණදෙන හන්දිපත් රුදාව, විඩාබර ගතිය, අලස බව, නිදිමත ගතිය, කල්පනාව හීනවීම ආදී රෝග ලක්ෂණ මැඩ පැවැත්වීම සඳහා ප්‍රත්‍යක්ෂ බව බොහෝ රසායනික පරීක්ෂණවලින් ඔප්පු වී ඇත.
ජින්සොමින් දියවැඩියාව පිටුදකින මඟ කියයි