පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී නමින් හඳුන්වන ලද, ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී, මෑතකදී සිදු කරන ලද උපායමාර්ගික සන්නාමකරණයෙන් පසු 2025 ජූනි 30න් අවසන් වූ පළමු කාර්තුව සඳහා රුපියල් මිලියන 60ක බදු අඩු කළ පසු ශුද්ධ ලාබයක් (NPAT) වාර්තා කිරීමට සමත්ව ඇත.
මෙම කාර්තුව සඳහා ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් මිලියන 672ක් ලෙස වාර්තා වූ අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 35ක වර්ධනයකි. පසුගිය වසරේ අදාළ කාල සීමාව තුළ රුපියල් බිලියන 16.61ක්ව පැවති සමාගමේ ණය සහ අත්තිකාරම් පදනම මේ වසරේ රුපියල් බිලියන 23.81ක් දක්වා වර්ධනය වීමෙන් ලද ඉහළ පොලී ආදායම මෙම විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල සඳහා හේතු වී ඇත.
ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී හි සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා සඳහන් කළ පරිදි, මෙම කාර්යසාධනය, සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහ නව අවධානයක් යොමු කිරීමෙන් ලද ප්‍රතිඵලයකි. ”අපගේ පළමු කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල වලින් පෙනී යන්නේ, අපි නිවැරදි මාර්ගයේ ගමන් කරන බවයි. අප ළඟා කර ගෙන ඇති වර්ධනය, අපගේ සමාගමේ ගනුදෙනුකරුවන් සමග සෘජුව වැඩ කරන කාර්ය මණ්ඩලයේ සිට තිරය පිටුපස සිටින අය දක්වා සෑම කෙනකුම, එකම උපායමාර්ගයක් යටතේ එකට වැඩ කරන බවට සාක්ෂියකි. අපගේ නව සන්නාමය යටතේ, පැහැදිලි අනාගත සැලැස්මක් සමඟින් තවත් ගනුදෙනුකරුවන් දිනා ගැනීමට, ඔවුන් සමග ශක්තිමත් සබඳතා ගොඩනගා ගැනීමට සහ ස්ථාවර මූල්‍ය වර්ධනයක් ලබා ගැනීමට අපි කැප වී සිටිමු.” යනුවෙන් ඔහු පවසා සිටියේය.
ඔහු තව දුරටත් අදහස් දක්වමින් “මෙම කාර්තුවේ කාර්යසාධනය හුදෙක් සංඛ්‍යා පමණක් නොවේ. ඒවා අපගේ පාර්ශ්වකරුවන් සමග අප සම්බන්ධ වන ආකාරයෙහි සැබෑ වෙනසක් පෙන්නුම් කරයි. අපගේ නව සන්නාම අනන්‍යතාවය පැහැදිලි වර්ධන උපායමාර්ගයක් සහ ගනුදෙනුකරුවන් කෙරෙහි ශක්තිමත් අවධානයක් යොමු කිරීම මත ගොඩනඟා ඇත. අපගේ උත්සාහය ස්ථාවර ප්‍රතිඵල ලබා දෙමින් වෙනස්වන මූල්‍ය සේවා කර්මාන්තයේ විශ්වසනීය හවුල්කරුවකු ලෙස අපව ස්ථාපිත කරනු ඇතැයි අපි විශ්වාස කරමු. එපමණක් නොව, පෙර කාර්තුවට සාපේක්ෂව තැන්පතු සියයට 6කින් වර්ධනය වී රුපියල් බිලියන 16.90ක් දක්වා ළඟා වීම ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී කෙරෙහි පාරිභෝගිකයින් තබා ඇති විශ්වාසයට කදිම නිදසුනක් ය. මෙම ස්ථාවර වර්ධනය සමාගමේ ශක්තිමත් මූල්‍ය තත්වය සහ සැමට වටිනාකමක් ලබා දීම සඳහා සමාගම තුළ වූ කැපවීම ඉස්මතු කරයි.” යනුවෙන් පැවසීය.
ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී එහි නව සන්නාමය යටතේ ද, ශක්තිමත් පාලනයක් සහ ඉදිරි දැක්මක් සහිත නායකත්වයක මෙහෙයවීමෙන්, වැඩි පිරිසකට මූල්‍ය පහසුකම් ලබා දෙමින්, ඩිජිටල් ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ ගනුදෙනුකරුවන් සඳහා නව්‍ය විසඳුම් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.
ජනශක්ති ෆිනෑන්ස් නව සන්නාමය යටතේ රුපියල් මිලියන 60ක ශුද්ධ ලාබයක් වාර්තා කරයි