
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජනශක්ති ලිමිටඩ් සමාගම සිය කොටස් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කරමින් එහි ගනුදෙනු ආරම්භ කිරීම අද (29) දිනයේදී සිදු කිරීමට නියමිතව තිබේ. මෙම අවස්ථාව සැමරීම සඳහා සාම්ප්‍රදායිකව එහි ආරම්භක සීනුව නාද කිරීමක් සිදු කිරීමට ජනශක්ති සමූහය සූදානමින් සිටියි.
එම සමූහය පසුගියදා කොළඹ කොටස් හුවමාරුවෙහි සිදුකළ සාර්ථක මූලික මහජන කොටස් නිකුතුවෙන් පසුව එම කොටස් මෙලෙස ලැයිස්තුගත කෙරේ. රුපියල් 10ක් බැගින් කොටස් මිලියන 500ක් නිකුත් කළ අතර, නිකුතුව හරහා රැස් කළ මුදල රුපියල් බිලියන 5කි. එම නිකුතුව සඳහා අධිදායකත්වයක් හිමි වූ අතර, එය නිකුත් කළ කොටස් ප්‍රමාණය මෙන් තුන් ගුණයක් විය.
මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා රැස් කරගත් මුදල් යළිත් සාමාන්‍ය රක්ෂණ මෙහෙයුම් ආරම්භ කිරීමට, ක්ෂුද්‍ර මූල්‍ය සහ බැංකු නොවන අංශ වෙත උපායමාර්ගික ප්‍රවේශය මෙන්ම සිය මෙහෙයුම් හඳුනාගත් විදෙස් රාජ්‍යය කිහිපයකට ව්‍යාප්ත කිරීමටද යොදා ගන්නා බව සමාගම පවසයි.
ජනශක්ති ලිමිටඩ් CSE හි ලැයිස්තුගතවීම අද