IMG-LOGO

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා


ජනවාරියේදී තේ කිලෝවක අලෙවි වටිනාකම පහළ ගිහින්

  • දෙසැම්බරයේදී රැ. 1,201.58ක් වූ තේ කිලෝවක් ජනවාරියේදී 1,164.54 යි 
  • 2025 ජනවාරියේදී තේ කිලෝවක් රැ. 1,185.43 යි  

භානුක අමරසිංහ 


පසුගිය ජනවාරි මාසයේදී මෙරට තේ කිලෝවක් සඳහා ලැබුණු වටිනාකමේ සාමාන්‍ය අගය රුපියල් 1‍,164.54ක් ලෙස සටහන් වූ බව තේ වෙන්දේසි ආයතනයක් වන Forbes & Walker පවසයි. 

එම මාසය සඳහා වන ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගයන් පිළිබඳව සටහනක් ඉදිරිපත් කරමින් එම ආයතනය මෙම කරුණු සඳහන් කරයි. 

ඒ අනුව මෙය 2025 දෙසැම්බර් මාසයේදී තේ කිලෝවක් සදහා වාර්තා වූ රුපියල් 1,201.58 ක වටිනාකම හා සැසඳීමේදී රුපියල් 37.04 ක අඩු වීමකි. එසේම එය 2025 ජනවාරි මාසයේදී වාර්තා කළ රුපියල් 1,185.43 හා සැසඳීමේදී රුපියල් 20.89 ක අඩුවීමක් ලෙස සටහන්ව තිබේ. 

මෙහිදී 2025 දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියලු‍ම තේ වගා බිම්වල තේ අලෙවියේ වටිනාකම් ජනවාරි මාසයේදී පහත වැටීම මේ සඳහා හේතුව වී තිබේ. 

ඒ අනුව උස් වගා බිම් තේ කිලෝවක මිල රුපියල් 1,178.25ක සිට 1,143.12 ක් දක්වා රුපියල් 35.13 කින්, මැදි වගා බිම් තේ කිලෝවක මිල රුපියල් 1,048.89 ක සිට 987.40ක් දක්වා රුපියල් 61.49 කින් සහ පහත් වගා බිම් තේ කිලෝවක මිල රුපියල් 1,258.25 ක සිට 1,221.63ක් දක්වා රුපියල් 36.62 කින් පහත වැටී ඇතැයි Forbes & Walker වැඩි දුරටත් පවසයි.



අදහස් (0)

ජනවාරියේදී තේ කිලෝවක අලෙවි වටිනාකම පහළ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site