IMG-LOGO

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා


ජොන්ටි රෝඩ්ස්ගෙන් සංචාරක ව්‍යාපාරයට තල්ලුවක්


දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැත. ඔහු සුපිරි දක්ෂයෙකි. ක්‍රිකට්වලට සමුදීමෙන් පසු රෝඩ්ස්, ලෝකය වටා සංචාරය කරයි. ඒ ඔහුගේ පවුලේ සාමාජිකයන් ද සමඟය. තිරසාර සංචාරක ව්‍යාපාර ගැනත්, ඒ ඒ රටවල වැසියන්ගෙන් විදේශිකයන්ට ලැබෙන සත්කාර සම්බන්ධයෙනුත් රෝඩ්ස් නිතරම ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ කතා කරයි. 

ජොන්ටි රෝඩ්ස් ඔහුගේ පවුලේ සාමාජිකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සර්ෆින් හෙවත් රළ පැඳීමේ වික්‍රමවල යෙදුණු අයුරු ගැන පසුගිය දා ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ සටහනක් තැබුවේය. සර්ෆින් සදහා තමන්ගේ ප්‍රියතම ස්ථානය ලංකාව බවද ඔහු සටහන් කරයි. එම සටහනේ වූයේ ඔහුගේ අත්දැකීම්ය. ඒත් ශ්‍රී ලංකාවේ අපට එය සැබැවින්ම ආඩම්බරයකි. වෙරළ තීරය දිගේ ගමනට රෝඞ්ස් සහ පවුලේ අය තෝරා ගත්තේ ටුක්ටුක් එසේ නැතිනම් ත්‍රීරෝද රියකි.

‘විදේශිකයකුට ආගන්තුක රටකදී, දේශීය ප්‍රජාව සමඟ ගනුදෙනු කරන්න සිදුවන ආකාරය හරිම වැදගත්. පරිසරයේ සුන්දරත්වය විඳ ගනිමින් යන ගමන තවත් සුන්දර වෙන්නේ දේශීය ප්‍රජාව නිසා. හිත හොඳ මිනිසුන් නිසා. තිරසාර සංචාරක කර්මාන්තයකට අවශ්‍යම දේ මෙයයි. ඒක හොඳ ප්‍රතිලාභයක්.’ යැයි රෝඩ්ස්ගේ සටහනේ දැක්වෙයි. 

 



අදහස් (0)

ජොන්ටි රෝඩ්ස්ගෙන් සංචාරක ව්‍යාපාරයට තල්ලුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site