IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


ජුනි මාසයේදී පොල් ගෙඩි මිලියන 289.5ක ඵලදාවක්

පසුගිය වසරේ ජ‌ුනි මාසයට සාපේක්ෂව සියයට 18 ක වර්ධනයක්


විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ ජූනි මාසයේදී පොල් ගෙඩි මිලියන 289.5ක ඵලදාවක් වාර්තා කර තිබෙන බවත් එය පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව සියයට 18 ක වර්ධනයක් බවත් නිල දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම වසරේ දෙවැනි කාර්තුවේදී මෙරට පොල් ඵලදාව ශක්තිමත්වී ඇති බවද එම දත්ත වාර්තාවල සඳහන් විය. මෙම වසරේ මැයි මාසයේදී පොල් ගෙවී මිලියන 257.5 ක ඵලදාවක් මෙරටට ලැබී තිබූ අතර පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව එය සියයට 1.2 ක පහළ යාමක් විය. මෙම වසරේ අප්‍රේල් මාසයේදී ද පසුගිය වසරට සාපේක්ෂව සියයට 6.2 කින් පහළ ගොස් තිබූ නමුත් ජූනි මාසයේදී සියයට 18 වර්ධනයක් වාර්තා කිරීමත් සමග මෙම වසරේ දෙවැනි කාර්තුවේ පොල් ඵලදාව ශක්තිමත් වී ඇත.



අදහස් (0)

ජුනි මාසයේදී පොල් ගෙඩි මිලියන 289.5ක ඵලදාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site